ඩුබායිහිදී ඔබගේ වාහනය සුළු අනතුරකට ලක්වුනිනම්, Enoc ඉන්ධන පිරවුම්හලකින් අනතුර පිළිබ​ඳ වාර්තාවක් ලබා ගැනීමෙන් පසු ඔබට ඔබේ මෝටර් රථය අලුත්වැඩියා කළ හැකිය. සමහර රියදුරන්ට මෙම නව සේවාව නොමිලේ ලබා ගත හැකි බව ඩුබායි පොලිසිය පසුගියදා උපදේශන වැඩසටහනකදී පැවසීය.

මුලපිරීම – ‘On The Go’ ලෙස හැඳින්වේ – මෙම සේවාව, අනතුර සිදුකල අනෙක් පාර්ශවය නොදන්නා සුළු අනතුරකට හෝ හදිසි අනතුරුවලට සම්බන්ධ වූ මෝටර් රථවලට අදාළ වේ. ඩුබායි පොලිසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි පදිංචිකරුවන්ට නව සීඝ්‍රගාමී සේවාවක් ලබා දීම සඳහා Enoc ඉන්ධන පිරවුම්හල්වල මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන Autopro සමඟ එක් වීමෙන් මෙම සේවාව ලබාදෙයි.

බලධාරීන් දිගු කලක් තිස්සේ Enoc ඉන්ධන පිරවුම්හල්වලින් සුළු අනතුරු වාර්තා ලබා ගැනීමට ඉඩ ලබා දී ඇතත් – මෙම නව මුලපිරීම මගින් ලේඛන කටයුතු කිරීමෙන් පසු ඉක්මනින් ඔවුන්ගේ මෝටර් රථ අලුත්වැඩියා කිරීමට රියදුරන්ට ඉඩ ලබා දේ.

එය ක්‍රියා කරන ආකාරය:

  • Enoc ඉන්ධ​න පිරවුම්හලකින් සුළු අනතුරු වාර්තාව ලබා ගැනීමෙන් පසු, Autopro වෙත යන්න
  • හානියට පත් වාහනය බලයලත් අලුත්වැඩියා ස්ථාන​යකට ප්‍රවාහනය කෙරේ
  • අලුත්වැඩියා කිරීමෙන් පසු වාහනය රියදුරුගේ නිවසට ගෙනවිත් භාර දෙනු ලැබේ

මෙම සේවාවේ විශේෂත්වය නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආභාධි​ත පුද්ගලයින් සහ ගර්භනී කාන්තාවන් සඳහා සේවාව නොමිලේ ලබා දීමයි. අනෙකුත් රියදුරන්ට ඩිරාම් 150ක ගාස්තුවකට යටත්ව මෙම සේවාවෙන් ප්‍රතිලාභ ලබාගත හැකි​ය.

Share.

Comments are closed.