ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් කිලෝමීටරයකට ආසන්න දුරක් විහිදෙන නව මගී පාලම් හතක් ඉදිකිරීම අවසන් කොට තිබෙනවා. මෙම මගී පාලම්, සෝපාන, බයිසිකල් ධාවන පථ සහ බයිසිකල් රැඳවුම් ස්ථාන වලින් සමන්විත වෙනවා.

මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් ඩුබායි රෝහල අසල Omar Bin Al Khattab සහ Abu Bakr Al Siddique හන්දිය සම්බන්ධ කරමින් Al Khaleej  වීදියේ මගී පාලමක් විවෘත කොට තිබෙනවා. මෙම පාල​මේ දිග මීටර් 120 ක්, පළල මීටර් 3.4 ක් සහ මාර්ග​යේ සිට උස මීටර් 6.5 ක් වෙනවා. එහි සෝපාන දෙකක්, පඩිපෙළ, අනතුරු ඇඟවීම් උපකරණ, ගිනි නිවන සහ දුරස්ථ නිරීක්ෂණ පද්ධති වැනි විද්‍යුත් යාන්ත්‍රික පද්ධති සඳහා කාමරයක් ද ස්ථාපිත කොට තිබෙනවා.

ඉදිවෙමින් පවතින අනෙක් මගී පාලම් වන්​නේ:

  • අල් මිනා වීදියේ : අල් සකර් සහ අල් මිනා මංසන්ධි​ය අතර.
  • ශෙයික් රෂිඩ් බින් සයිඩ් වීදියේ : ශෙයික් කලීෆා බින් සයිඩ් සහ ශෙයික් සභා අල් අහමඩ් අල් ජබෙර් අල් සභා වීදි​ අත​ර
  • රස් අල් කෝර් පා​රේ: ක්‍රීක් වරාය සහ රස් අල් කෝර් කාර්මික ප්‍රදේශය අතර සම්බන්ධතාව​ය ගොඩනැ​ගේ.
  • රස් අල් කෝර් පා​රේ: නාඩ් අල් හමාර්හි මර්හබා මෝල් සහ වසල් Complex කෙලින්ම යා කරමින්.
  • අල් කුස් Creative Zone හි අල් මනාරා පාර ප්‍රදේශයේ : ප්‍රදේශයේ නිර්මාණ අනන්‍යතාවයට අනුපූරක වන සෞන්දර්යාත්මක අංග සමඟින්.
  • කවනීජ් වීදියේ : අරාබි ම​ධ්‍යස්ථානය ඉදිරිපිට.

මාර්ග සහ ප්‍රවාහන අධිකාරි​යේ (RTA) අධ්‍යක්ෂ ජනරාල් සහ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති Mattar Al Tayer පැවසුවේ: “මගී පාලම් ඉදිකිරීම ඩුබායි හි රථවාහන ආරක්ෂණ උපාය මාර්ගයට අනුකූල වන අතර එමඟින් නගරය, ලෝකයේ ආරක්ෂිතම නගරය බවට පත් කිරීම අරමුණු කරයි. යතුරුපැදිකරුවන් සහ පාපැදිකරුවන් සඳහා යටිතල පහසුකම් සහ ආරක්ෂක පියවරයන් ලබා දීමෙන් ධාවන අනතුරු වලින් සිදුවන මරණ ශූණ්‍ය​ය දක්වා අඩු කිරීමටද එය උත්සාහ කරයි.

2006 වස​රේදී මගී පාලම් 13 සිට පසුගිය වසර අවසානයේ 129 දක්වා වසර 17ක් තුළ මගී පාලම් සංඛ්‍යාව ද​ස ගුණයකින් වැඩි වී ඇත. RTA විසින් 2021 සහ 2026 අතර පාලම් 36ක් ඉදිකරන අතර, එමගින් මුළු මගී පාලම් සංඛ්‍යාව 165 දක්වා ගෙන එනු ඇත.

මෙම මගී පාලම් සඳහා ස්ථාන තෝරාගැනීමේදී සාධක කිහිපයක් සලකා බලන ලදී: එම සාධක වන්නේ ධාවන අනතුරු අනුපාතය, රථවාහන තීව්‍රතාවය, මාර්ගය දෙපස පදිංචිකරුවන්ගේ සංචලනය, ළඟම ඇති පදික මාරුවේ සි​ට ඇති දුර, පොදු ප්‍රවාහන ස්ථාන සහ වෙළඳපල ඇති ප්‍රදේශ, සාප්පු සංකීර්​ණ, රජයේ සහ පෞද්ගලික ආයතන වල පිහිටී​ම වැනි කාරණා​ය.

Share.

Comments are closed.