Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය : සුදුසුකම් ලැබීමේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්​ට ජයක්
Events

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය : සුදුසුකම් ලැබීමේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්​ට ජයක්

Stanly KularathnaBy Stanly KularathnaJune 20, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තර​ඟය ලකුණු 175කින් ජය ගැනීමට සමත් විය. ඒ  එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කලා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 355ක් රැස්කලා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල් පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක වාර්ථා කිරීම විශේෂත්වයකි.

ආරම්භක කඩුල්ල සඳහා දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක ලකුණු 95ක් එක්කළ අතර පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 52කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 57ක් රැස්කලා.

අනතුරුව පිටිය​ට එක්වූ කුසල් මෙන්ඩිස් (78) සහ සදීර සමරවික්‍රම (73) ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීම වේගවත් කලා. චරිත් අසලංක පන්දු 23කදී ලකුණු 48ක් රැස්කලා.

පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ අලි නසීර් කඩුලු 2ක් දවාගත්තා.

ජයග්‍රාහී ලකුණු 356ක ඉලක්කය හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ සියළුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 180ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 6ක් දවාගත්තා.

මේ අතර ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයක් වන අයර්ලන්තය සහ ඕමානය අතර තරගයේදී කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඕමාන කණ්ඩායම සමත් වුණා.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගිම්හාන කාල​ය ජුනි 21 වැනිදා ආරම්භ​වේ
Next Article Eid Al Adha උත්සවය​ට, UAEහි පෞද්ගලික අංශයේ නිවාඩු ප්‍රකාශයට පත් කරයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.