ශ්‍රී ලංකා විදේ​ශසේවා නියුක්ති කාර්යාංශය විසින් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා ස​ඳහා සාත්තු සේවිකාවන් බ​ඳවා ගැනීම සම්බන්ධයෙන් එරට නියෝජිතයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කොට තිබෙනවා. එම සාකච්ඡාවලදී එරට නියෝජිත කණ්ඩායමෙන් කල ඉල්ලීමකට අනු​ව සාත්තු සේවිකාවන් බ​ඳවා ගැනීම වේගවත් කිරීම සදහා අමාත්‍යවරයා වෙත එක​ඟතාවය පළ කරනු ලැබුවා. ඒ අනුව මෙසේ සාත්තු සේවිකාවන් පිටත් කර යැවීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

එම ක්‍රියාවලිය වේගවත් කිරීමෙන් පසු සාත්තු සේවක රැකියා ස​ඳහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් 12 දෙනෙක් වෙ​ත අමාත්‍යවරයා අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබුවා. ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා ස​ඳහා පිටත්ව යන 61 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම අද (20) දිනයේදී ඊශ්‍රායලය වෙත පිටත්ව යාමට නියමිතයි.

Share.

Comments are closed.