වෛද්‍ය සමිත් සේමගේ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන නිලධාරී ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඔහුට එල්ල වී ඇති ජීවිත තර්ජන මත මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කරයි.
තම ඉල්ලා අස්වීමට අදාළ ලිපිය සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා වෙත විද්‍යුත් තැපෑල මඟින් යොමු කළ බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් තම ඉල්ලා අස්වීමේ ලිපියට සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයිද ඔහු පැවසුවේය. මේ මහතාගේ පිළියන්දල පිහිටි නිවසට පසුගිය 09 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇතත් මෙතෙක් කිසිවෙකු ඒ පිළිබඳව අත්අඩංගුවට ගෙන නැත.

Share.

Comments are closed.

Exit mobile version