ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (DXB) ගමන් බලපත්‍ර පාලනය (passport control) හරහා මේ වසරේ මුල් භාගයේදී මගීන් මිලියන 26 කට අධික පිරිසක් ගමන්කොට ඇත. ඔවුන්ගෙන් 36% ක් එනම් මිලියන 9 කට වැඩි පිරිසක් තත්පර කිහිපයකින් එම ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කිරීමට ස්මාර්ට් ගේට්ටු භාවිතා කර ඇති බව සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි.

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වෙබ් අඩවියට අනුව, ලියාපදිංචි වී ඇති මගීන්ට “ලේඛනයක් scan කිරීමකින් තොර​ව, සරලව හරිත (කො​ළ) එළිය දෙස බැලීමෙන්” ගමන් බලපත්‍ර පාලන කටයුතු අවසන් කල හැකි ක්‍රම​වේදයක් මගින් සම්බන්ධතා රහිත ක්‍රියාවලියක් එලිදක්වයි.

හරිත ආලෝකය කැමරාවට ඉහළින් දක්නට ලැබෙන අත​ර මගීන් මුහුණු ආවරණ, ඇස්කන්ණාඩි සහ තොප්පි ඇතුළුව ඔවුන්ගේ මුහුණු ආවරණය කරන ඕනෑම දෙයක් ඉවත් කොට ඒ දෙස බැලිය යුතු​ය.

“ඔබේ විදේශ ගමන් බලපත්‍රය සහ බෝඩිං බලපත්‍රය අවශ්‍ය නම් ඒවා සූදානම්ව තබා ගන්න. ඔබට ස්මාර්ට් ගේට් එක හරහා යාමට නොහැකි වූ විට, ඔබට එය පිටුපස ඇති ආගමන කවුන්ටරය වෙත ආපසු යා හැකිය, ” GDRFA වෙබ් අඩවිය සඳහන් කළේය.

GDRFA අධ්‍යක්ෂ ජනරාල් ලුතිනන් ජෙනරාල් මොහොමඩ් අහමඩ් අල්මාරි පැවසුවේ DXB හි විදේශ ගමන් බලපත්‍ර කවුන්ටර සහ ස්මාර්ට් ගේට්ටු, විශේෂයෙන් Eid Al Adha සහ ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරකයින්ගේ අපේක්ෂිත වැඩිවීම අනුව විශාල මගීන් ප්‍රමාණයක් ලබා ගැනීමට සම්පූර්ණයෙන්ම සූදානම්ව ඇති බවයි. GDRFA ට අනුව DXB හි ස්මාර්ට් ගේට්ටු 120ක් ඇත.

ගුවන් තොටුපළ විදේශ ගමන් බලපත්‍ර කටයුතු අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් තලාල් අල්-ෂන්කීටි පැවසුවේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා විශාලතම සංචාරකයින් සංඛ්‍යාවක් විසින් එය භාවිතා කරණු ඇතැයි අරමුණින් ස්මාර්ට් ගේට් වල සේවාව සංවර්ධනය කිරීමට GDRAF අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි.

“වස​රේ පළමු භාගය තුළ ස්මාර්ට් ගේට්ටු භාවිතා කරන්නන් මුළු මගීන් සංඛ්‍යාවෙන් 36% ක් වූ අතර වසර අවසානයේදී පරිශීලකයින් සංඛ්‍යාව 50% දක්වා ළඟා වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.