එක්සත් අරාබි එමීර් රාජ්‍යය රටවල් 21ක් සමඟ ඒකාබද්ධ ජාත්‍යන්තර මෙහෙයුමකදී ඩොලර් මිලියන 750ක් වටිනා මත්ද්‍රව්‍ය ටොන් 55ක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති අතර මෙහෙයුමේදී සැකකරුවන් 597 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළුව රටවල් 11 ක අභ්‍යන්තර, අධිකරණ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයන් හා ජාත්‍යන්තර ආරක්ෂක සන්ධානය විසින් මෙහෙයවන ලද මාස දෙකක මෙහෙයුමේ වීඩියෝවක් නියෝජ්‍ය අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, ලුතිනන් ජෙනරාල් ෂෙයික් සයිෆ් බින් සයීඩ් අල් නහියන් විසින් ට්විටර්හි පළ කොට තිබුනා.

ඇමරිකාවේ පොලිස් ප්‍රජාව සමඟ සහයෝගයෙන් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී මැදපෙරදිග, අප්‍රිකාව, ආසියාව, යුරෝපය සහ ලතින් ඇමරිකාව යන රටවල මත්ද්‍රව්‍ය වෙළඳාම වැළැක්වීම සඳහා නව ක්‍රමවේද සංවර්ධනය කිරීමට එක් විය.

වීඩියෝවේ බෙදා ගත් තොරතුරු වලට අනුව මෙම මෙහෙයුම​ට අන්තර් ජාතික නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන් ඉලක්ක කොටගෙන තිබූ අතර “ගුවන්, ගොඩබි​ම සහ මුහුදු මාර්ග අධීක්‍ෂණය කිරීම” ඔස්සේ සිදුකොට තිබේ.

මත්ද්‍රව්‍ය සහි​ත නැව්ගත කිරීම් කිහිපයක් අත්අඩංගුවට ගෙන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අයුරු වීඩියෝවේ දැක්වේ. මෙහෙයුමේදී කොමඩු ඇතුළු විවිධ දේ තුල සඟවා තිබූ මත්ද්‍රව්‍ය නිලධාරීන් විසින් සොයා ගන්නා අයුරු​ද දැකගත හැකි විය.

ජූනි 26 දිනට යෙදී තිබූ මත්ද්‍රව්‍ය භාවිතයට සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී අවසන් වූ මෙම මෙහෙයුම තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අත්අඩංගුවට ගැනීම්වලට තුඩු දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම මෙහෙයුම සම්බන්ධීකරණය කරනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වය දරන ජාත්‍යන්තර ආරක්ෂක සන්ධානයේ ලේකම් කාර්යාලය විසිනි. සංවිධානය වූ ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව සටන් කිරීමෙන් ගෝලීය ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රංශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් 2017 පෙබරවාරි මාසයේදී මෙම සන්ධානය පිහිටුවන ලදී.

Share.

Comments are closed.