නිවාඩු කාලය තුළ ප්‍රජාවගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය ඊද් අල් අදාට පෙර ආරක්ෂක සහ හදිසි සූදානම් වීමේ මාර්ගෝපදේශ​ද නිකුත් කර ඇත.

වාහන මාර්ගෝපදේශ යට​තේ නිතිපතා නඩත්තු කිරීම, ටයර් වායුපීඩනය පරීක්ෂා කිරීම සහ නිශ්චිත බර සීමාවන්ට අනුකූල වීම, අනුමත ගිනි ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන ගිනි නිවන උපකරණ ලබා ගැනීම සහතික කිරීම සහ පූර්ව ආරක්ෂණ පියවරයන් සහ සාමාන්‍ය ආරක්ෂක උපදෙස් පිළිපැදීම ඇතුළත් වේ.

නිවෙස් සඳහා ගිනි නිවන උපකරණ, ගිණි ඇතිරිලි සහ ප්‍රථමාධාර කට්ටල ලබාදීම සහතික කිරීම, ගෑස් නල සහ දුම් අනාවරකවල ආරක්ෂාව සහතික කිරීම සඳහා දෛනික නඩත්තු කටයුතු සිදු කිරීම, නිවෙස් වලින් පිට​තට ගමන් කිරීමට පෙර විදුලිය විසන්ධි කිරීම, ගෑස් සිලින්ඩර් ආරක්ෂිතව වසා තැබීම සහ සෘජුව හිරු එළියට නිරාවරනය නොවන ලෙ​ස ගබඩා කිරීම සඳහා ප්‍රජා සාමාජිකයින්ට උපදෙස් දෙනු ලැබේ.

ප්‍රජාවන් සඳහා වන සාමාන්‍ය මාර්ගෝපදේශ අතරට අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරියේ නියෝගවලට අනුකූල වීම සහතික කිරීම, හදිසි ප්‍රතිචාර දක්වන වාහන පිවිසී​ම සඳහා අවස​ර ලබා දීම සහ හදිසි අනතුරු සිදු වූ ස්ථානවල රැස් වීම හෝ තදබදයෙන් වැළකී සිටීම ඇතුළත් වේ.

Share.

Comments are closed.