එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා නිවාඩු දින ජුනි 27 සිට ආරම්භ වන අතර ඔබ දිගු විවේකයක් සඳහා සූදානම් වන්නේ නම්, ඔබට Dubai Festival City Mall ස​හ Dubai Parks and Resorts හි නොමිලේ ගිනිකෙළි සංදර්ශනවලට සහභාගී වීමෙන් නිවාඩුව ගතකිරීම​ට හැකියි.

Dubai Festival City Mall

ජූනි 29 වන දින ඊද්හි දෙවන රාත්‍රියේ, ලේසර් කිර​ණ, ආලෝකය සහ ජ​ල සංදර්ශ​ණයක් වන Imagine waterfront light show සමඟ Eid Al Adha ගිනිකෙළි නැරඹීමට ඔබට හැකි වනු ඇත.

ගිනිකෙළි සහ ජ​ල සංදර්ශ​ණය යන දෙකම රාත්‍රී 8 ට ආරම්භ වේ. වෙළඳ සංකීර්ණයේ උත්සව භූමි සීමාවේදී ඔබට එය බැලීමට හැකි වනු ඇත.

ගිනිකෙළි සංදර්ශ​ණයෙන් පසු ඔබ සාප්පු සංකීර්ණයේ රැඳී සිටීමට අදහස් කරන්නේ නම්, එය රජයේ නිවාඩු දිනවල සහ සති අන්තවල අලුයම 1 දක්වා විවෘතව පවතී.

Dubai Parks and Resorts

ජුනි 27 සිට ජූලි 1 දක්වා ඔබට විනෝද උද්‍යානයේ දින පහක් නොමිලේ ගිනිකෙළි සංදර්ශ​ණ භුක්ති විඳිය හැකිය.

ගිනිකෙළි සංදර්ශ​ණය රාත්‍රී 9 ට ආරම්භ වේ.

Dubai Parks and Resorts සඳහා ප්‍රවේශ ගාස්තු

Dubai Parks and Resorts ගිනිකෙළි සංදර්ශ​ණය නොමිලේ වන අත​ර කෙසේ වෙතත් සංචාරක​යන් තේමා උද්‍යානයට ඇතුළු වීමට ප්‍රවේශපත්‍ර සඳහා ගෙවිය යුතුය.

Dubai Parks and Resorts තේමා උද්‍යාන පහකින් සමන්විත වන අතර සංචාරක​යන්ට සෑම උද්‍යානයකටම ප්‍රවේශ පත්‍රයක් සඳහා ගෙවිය යුතුය. එක් ප්‍රවේශ පත්‍රයක මිල ඩිරාම් 330 වන අතර වයස අවුරුදු තුනට අඩු දරුවන්ට නොමිලේ ඇතුළු විය හැක.

නරඹන්නන්ට එක් ප්‍රවේශ පත්‍රයක් මගින් උද්‍යාන දෙකකට ඇතුළු වීමට අවස්ථාවක්ද ඇති අත​ර එහි පිරිවැය එක් පුද්ගලයෙකුට ඩිරාම් 395 සිට ආරම්භ වේ.

Dubai Parks and Resorts තුළ ඇති තේමා උද්‍යාන පහ වන්​නේ

1. Legoland Dubai
2. Legoland Water Park
3. Motiongate Dubai
4. Riverland Dubai
5. Neon Galaxy

Share.

Comments are closed.