සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඇතම් ප්‍රධාන මාර්ගවල අනපේක්ෂිත රථවාහන ප්‍රමාදයන් පිළිබඳව ඩුබායි හි මෝටර් රථ හිමියන්ට අනතුරු අඟවා තිබෙනවා.

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පසුගියදා රථවාහන අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, ජූලි 1 සහ 2 දිනවල රාත්‍රී 7 සිට අළුයම 2 දක්වා Al Safa Street, Happiness Street සහ Al Badaa Street හි අනපේක්ෂිත ප්‍රමාදයන් පිළිබඳව රියදුරන්ට අනතුරු අඟවා තිබෙනවා.

ප්‍රමාදයන්ට හේතුව ලෙ​ස Coca-Cola Arena හි සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිසා වන බව අධිකාරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

රියදුරන්ට වේලාසනින් පිටත් වන ලෙසත්, තම ගමන් සැලසුම් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

Share.

Comments are closed.