පසුගියදා සිදු වූ ඉන්දීය ගුවන්යානා අනතුර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‘X‍’ ගිණුමෙහි සටහනක් තබමින් ශෝකය පළකර තිබේ.

එහි දැක්වෙන්නේ මෙම ශෝකජනක අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින් ඉන්දියාව වෙත සහෝදරත්වය පළකරන අතර මියගිය අය වෙනුවෙන් ශෝකය පළකරන බවය. 

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් ඊයේ (12) පස්වරුවේ එම ගුවන්තොටුපොළ ආසන්නයේදීම කඩාවැටී අනතුරට ලක්වුණි.

ගුවන්ගතවී මිනිත්තු දෙකක් තරම් සුළු කාලයකදී අඩි 625ක් ඉහළ අහසේ සිට යානය කඩා වැටී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. ඉන් එක් පුද්ගලයෙකුට පමණක් දිවි ගලවා ගැනීමට හැකි වී තිබේ.

Share.

Comments are closed.

Exit mobile version