ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා.

ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06දෙනා තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් එම දඩ මුදල නියම කර ඇති බවයි වාර්තා වෙන්​නේ.

අදාළ තරගයේදී වනිඳු හසරංග දැවී යාමෙන් පසු නැවත ක්‍රීඩාගාරයට පැමිණීමේදී තම පිත්තෙන් හතරේ සීමාවට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව, එය චර්යා ධර්ම පද්ධතියේ පළවන මට්ටමේ කඩකිරීමක් බවට තහවුරු වී ඇති අතර ඔහුට තරග ගාස්තුවෙන් 50%ක දඩයක් සහ දෝෂ ලකුණක් ලබාදී ඇති බව වාර්තා වෙයි.

වනිඳු හසරංග වසරක් තුළ සිදුකළ මෙවැනි ආකාරයේ දෙවැනි වරද මෙය වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

Share.

Comments are closed.