ජාත්‍යන්තර පාපන්ඳු සම්මේ​ල​න​ය (FIFA) විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සත්කාරකත්වය දරන FIFA වෙරළ පාපන්දු ලෝක කුසලානය මුලින් අදහස් කළ පරිදි 2023නොවැම්බර් වෙනුවට 2024 පෙබරවාරි මාසයේදී සංවිධානය කිරීමට තීරණය කොට තිබෙනවා.

FIFA මෙම තීරණය ගෙන ඇත්තේ එ​ම තරඟාවලියේ වාර්ෂික න්‍යාය පත්‍රය සුමටව ගලා යාම සහතික කිරීම සඳහා එහි 24 වන කවුන්සිල රැස්වීමේදීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය පෙබරවාරි මාසයේදී තරඟාවලියේ සත්කාරකත්වය සඳහා සිය අපේක්ෂකත්ව​ය ඉල්ලුම්කො​ට තිබුණි.

2009 වසරේ ඩුබායිහි පැවති වෙරළ පාපන්දු ලෝක කුසලානයට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තරඟාවලිය සඳහා සත්කාරකත්වය දක්වන දෙවන අවස්ථාව මෙයයි.

Share.

Comments are closed.