ඩුබායි මහ නගර සභාව වෙරළ තීරයේ පිරිසිදුකම සහ තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා අපද්‍රව්‍ය එකතු කිරීමේ පහසුකම් 216 ක් එක්කොට තිබෙනවා. ඒ සමග​ම වෙරළ තීරයේ පිරිසිදුකම පවත්වා ගැනීම සඳහා පිරිසිදු කරන්නන් 72 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැය විසිහතරේම කටයුතු කරනු ලබනවා.

ඩුබායි මහ නගර සභාව විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එමීර් රාජ්‍යයේ සුන්දරත්වය, තිරසාරභාවය සහ සෞන්දර්යය ආරක්ෂා කිරීම සඳහා දැවැන්ත වෙරළ පිරිසිදු කිරීමේ සැලැස්මක කොටසක් ලෙස සේවකයින් 12 දෙනෙකු කණ්ඩායම අධීක්ෂණය කරනු ඇති බවයි.

ඩුබායි නගරය ජීවත්වීමට සහ සංචාරය කිරීමට ලෝකයේ හොඳම නගරය බවට පත් කිරීම සහ සනීපාරක්ෂාව පිළිබඳ ලොව පුරෝගාමී නගරවලින් එකක් බවට පත් කිරීම ද මෙම සැලැස්මේ අරමුණයි.

“අපි පැය 24 පුරාම කිලෝමීටර් 19කට වඩා වැඩි ඩුබායි වෙරළ තීරයේ පිරිසිදුකම නිරීක්ෂණය කිරීමට ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයක් පත්කර තිබෙනවා. ඩුබායි මහ නගර සභාවේ අපද්‍රව්‍ය මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ සයීඩ් අබ්දුල් රහීම් සෆාර් පැවසුවේ සන්නිවේදනය සහ හදිසි අවස්ථා සඳහා වේගවත් ප්‍රතිචාර වැඩි දියුණු කරන සමකාලීන යාන්ත්‍රණ සහ උපකරණ 13 කින් මෙම කණ්ඩායම සැරසී ඇත. වැඩ සැලැස්ම දිනකට වැඩ මුර තුනකට බෙදා ඇති බව ඔහු පැවසීය.

“ඩෙයිරා සහ බර් ඩුබායි අවට වෙරළ ප්‍රදේශ කම්කරුවන් 48 කින් ආවරණය වන අතර, අල් මම්සාර් වෙරළ කම්කරුවන් 24 කින් ආවරණය වී ඇත. නගර සභාව විසින් ඩෙයිරා සහ බර් ඩුබායි වෙරළ තීරයේ කසළ එකතු කිරීමේ පහසුකම් 216 ක් ලබා දී ඇති අතර ඒවා  එකිනෙකට මීටර් 50ක දුරින් ස්ථානගත කොට තිබෙනවා. තවද, ජුමෙයිරා 2, ජුමෙයිරා 3, සහ උම් සුකීම් 1 හි නගර සභාව විසින් මෑතකදී දියත් කරන ලද රාත්‍රී වෙරළ තීරයන්හි පිරිසිදු කිරීමේ සේවා පිළිබඳව ක්ෂේත්‍ර කණ්ඩායම් පසු විපරම් කරමින් සිටින අතර, රාත්‍රී පිහිනීම සඳහා මුළු දිග මීටර් 800 ක් ලබා දී ඇත” සෆාර් ප්‍රකා​ශ කළා.

මුහුදු වෙරළේ සිදුවන සෑම තරාතිරමකම හදිසි අවස්ථා හැසිරවීමට සමකාලීන සම්පත් සහ යාන්ත්‍රණ එක් කිරීමට අමතරව, ඩුබායි මහ නගර සභාව විසින් හදිසි අවස්ථා සහ අපද්‍රව්‍ය කළමනාකරණය සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් වලට අදාළ වාර් තා හැසිරවීමට කණ්ඩායමක් පිහිටුවා ඇති බව සෆාර් පෙන්වා දුන්නේය.

2023 පළමු භාගය තුළ, ස්වේච්ඡා සේවකයන් 2,165 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන් සඳහා ක්‍රියාකාරකම් 63 ක් නගර සභාව විසින් සිදු කරනු ලැබුවා.

Share.

Comments are closed.