Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම​ට පළමු වරට නවසීලන්තයට එරෙහිව තරඟාවලි ජයක්
Events

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම​ට පළමු වරට නවසීලන්තයට එරෙහිව තරඟාවලි ජයක්

Stanly KularathnaBy Stanly KularathnaJuly 4, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලබමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීමට ඊයේ සමත් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලැබූහ.

වර්ෂාවෙන් තර​ඟයට බාධා ඇතිවීම නිසා මෙම තරගයේ ඉනිමක් ඕවර 31 කට සීමා වූ අතර පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 31 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 29 දී ලකුණු 196 ක ඉලක්කයක් භාර වූ අතර එම ඉලක්කය ඕවර 26.5 කදී සම්පූර්ණ කිරීමට චමරි අතපත්තු ඇතුළු පිතිකාරියෝ සමත් වූහ.

චමරි අතපත්තු අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්ඳු 80 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 140 ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට ජය ගෙන ඒමට සමත් වූවාය.

චමරි අතපත්තු මෙම තරඟ තුනේදී රැස්කළ දෙවැනි ශතකය මෙය වන අතර චමරි මෙහිදී පන්දු 60 කින් ශතකය සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 31 කදී කඩුලු 2 ට 127 (සුසි බාටිස් නොදැවී 63, සොපී ඩෙවිනේ නොදැවී 38) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 26.5 කදී කඩුලු 2 ට 196 (චමරි අතපත්තු නොදැවී 140, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 28)

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි පොදු වෙරළ තීරු​ව පැය 24 පුරා පිරිසිදු කිරීම​ට 72 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්
Next Article රියදුරන් රහිත මෝටර් රථ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ගවල ලගදීම
Stanly Kularathna

Related Posts

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.