එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මාර්ගවල ස්වයංක්‍රීයව ධාවනය වන වාහන සඳහා පළමු ජාතික බලපත්‍රය අනුමත කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ට්විටර් වෙබ් අඩවියේ පළ කළේ WeRide හට මූලික බලපත්‍රය ලබා දී ඇති බවයි.

මෙය සිදු වූයේ පසුගි​යදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් මොහොමඩ්ගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමක දීයි.

“සමාගම රටේ අනාගත සංචලන රටාවේ වෙනසක් පිළිබිඹු කරමින් රට තුළ සියලු වර්ගවල ස්වයංක්‍රීය වාහන පරීක්ෂා කිරීම ආරම්භ කරනු ඇත,” ඔහු ට්වීට් කළේය.

වෙබ් අඩවියට අනුව, සමාගමේ මූලස්ථානය චීනයේ Guangzhou හි පිහිටා ඇති අතර අබුඩාබි​ද මධ්‍යස්ථානයක් ඇත. එය ලොව පුරා නගර 26 කට අධික සංඛ්‍යාවක ස්වයංක්‍රීය රියදුරු පර්යේෂණ සහ මෙහෙයුම් සිදු කරයි.

සමාගමේ නිෂ්පාදන අතර රොබෝටැක්සි, රොබෝබස් සහ බෙදාහැරීමේ සේවා සඳහා රොබෝවෑන් වෙනවා. “ඕනෑම කාලගුණික තත්වයක් යටතේ” දවසේ පැය 24 පුරාම ක්‍රියා කළ හැකි රොබෝස්වීපර්​ද ඇතුළත් වේ. සේවාවලට ඔන්ලයින් හෙයිලිං සවාරි, ඉල්ලුම මත ප්‍රවාහනය සහ නාගරික සැපයුම් ඇතුළත් වේ.

ඊ-වාහන චාජ ර් කිරීම් සඳහා ජාතික ජාලය

ෂෙයික් මොහොමඩ් ෆෙඩරල් විදුලි වාහන ප්‍රතිපත්තියක් අනුමත කරන බව ද නිවේදනය කළේය. විදුලි වාහන චාජර් කිරීම​ට ජාතික ජාලයක් ගොඩනැගීම, වෙළඳපල නියාමනය කිරීම සහ අඩු විමෝචන බලශක්ති පරිභෝජනය සහතික කිරීම සඳහා ඒ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ බලශක්ති පරිභෝජනය 20%කින් අඩු කිරීමට මෙම ප්‍රතිපත්තිය දායක වේ.

Share.

Comments are closed.