Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්
Sports

ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්

Stanly KularathnaBy Stanly KularathnaJuly 7, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

2023 අයිසීසී ලෝක කුසලානයට අදාළ සුදුසුකම් ලැබීමේ තරග වටය මේ දිනවල පැවැත්වෙන්නේ, සිම්බාබ්වේ රාජ්‍යයේදී ය.

එහි මූලික තරග වටයේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, සුපිරි හය දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලැබුවේ, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළටම පැමිණෙමිනි.

සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද (07) පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී ය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුව පන්දුවට පහර දීම සඳහා කොදෙව් නායක ශෙයි හෝප්ට ආරාධනා කළේ ය.

කොදෙවුවන් වෙනුවෙන් පළමුව පිති අතට ගත් බ්‍රෙන්ඩන් කිං සහ ජොන්සන් චාල්ස්, පළමු කඩුල්ල සඳහා ලකුණු ලකුණු 36ක සබඳතාවක් ගොඩනැඟුවේ, මහීෂ් තීක්ෂණ හට කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලියා දෙමිනි. ලකුණු 10ක් ලබා සිටි බ්‍රෙන්ඩන් කිං දැවී ගියේ මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුව කෙලින් ම කඩුල්ලේ දැවටීමෙනි. ශමාහ් බෲක්ස් ලකුණු 20ක් ලබා සිටිය දී දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ, මහීෂ් තීක්ෂණගේ ම පන්දුවක් හමුවේයි. සුපිරි පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ, ශෙයි හෝප්ව ද ලකුණු දෙකක් පමණක් ලබා සිටිය දී ප්‍රේක්ෂකාගාරය වෙත හරයා යැවීමට සමත් විය. කොදෙව් ඉනිමා සිවු වැනි කඩුල්ල ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 39ක් ලබා සිටිය දී දවා ගැනීමට මතීෂ පතිරණට හැකි විය. නිකලස් පූරන් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී ගියේ කණ්ඩායමට අලුතින් කැඳවූ දුෂාන් හේමන්තගේ පන්දුවක් හමුවේයි.

කයිල් මේයර්ස් සහන් ආරච්චිගේ විසින් යොමු කළ පන්දුවකින් ලකුණු 18කට දැවී යද්දී රොස්ටන් චේස් දුෂාන් හේමන්තගේ පන්දුවකට එක් ලකුණක් පමණක් ලබා සිටිය දී දැවී ගියේ ය. අට වන කඩුල්ල ලෙස රොමාරියෝ ශෙපර්ඩ් දැවී ගියේ, නැවතත් ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ මැද ඉන්න මත දැවටෙමිනි. දැවී යන විට ඔහු ලකුණු 26ක් ලබා සිටියේ ය. නව වන කඩුල්ල ලෙස කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 25ක් ලබා සිටිය දී දිල්ශාන් මධුසංකගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ය. කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත් වූ කීසි කාති පන්දු 96කින් අගනා ලකුණු 87ක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර 6ක් එක් හයේ පහරක් අන්තර්ගත වූ අතර, කොදෙව් ඉනිමට සවියක් වූ අනෙක් පිතිකරු ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 39ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු ලකුණු 34කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ අතර, දිල්ශාන් මධුසංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් විය. සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ දුෂාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දෙකක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනාගේ අතිවිශිෂ්ට අරම්භක සබඳතාව පළමු කඩුල්ල සඳහා ලකුණු 192ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට තරම් ශක්තිමත් එකක් විය.

පැතුම් නිස්සංක හතරේ පහර 14ක් සමඟ අගනා ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 113කි.

පැතුම්ගේ දැවී යාමෙන් පසු දිමුත් කරුණාරත්නට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වූ අතර, ඔහු වටිනා ලකුණු 83ක් ලබා සිටිය දී දැවී ගියේ ය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි සමාගම් සඳහා එමරාතීකර​​ණ ඉලක්කය සපුරාලීම​ට අර්ධ වාර්ෂික කාලසීමාව ජූලි 7 න් අවසන් වේ
Next Article ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයයේ රැකියා පොළ වැඩසටහනෙන් රැකියා ඇබෑර්තු රැසක්
Stanly Kularathna

Related Posts

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.