කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන Glocal Fair 2023  (උතුරු පළාත – යාපනය) ජංගම වැඩසටහන 2023 ජූලි 15 හා 16 දෙදින තුල යාපනය, මුට්ට්‍රෙව්ලි පිටියේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ වැඩසටහන බලපත්‍රලාභි විදේශ රැකියා නියොජිත ආයතන රැසක සහභාගීත්වයෙන් එහිදී පැවැත්වේ.

පහත සදහන් විදේශ රැකියා ඇබෑර්තු සදහා සම්මුඛ පරීක්ෂණ 2023 ජූලි 15 හා 16 දෙදින තුලදී එම ස්ථානයේදී පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

ඔබ බලාපොරොත්තුවන රැකියාව පහත සදහන්ව ඇත්නම්, ඔබ ඉල්ලුම්කරන ඇබෑර්තුව, රට හා වැටුප ඔබගේ ජීව දත්ත පත්‍රිකාවෙහි (CV) දකුණුපස ඉහළ කොටසෙහි සහ ඊමේල් පණිවිඩයෙහි subject  යටතේ සදහන් කර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කළමනාකරු (අලෙවිකරණ) හා කළමනාකරු (මිනිස්බල සැපයුම් හා සේවාදායක සහය) වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ mgr_mkt@slbfe.lk / mgr_manpower@slbfe.lk 2023.07.10 දින හෝ ඊට පෙර යොමු කරන්න.

Share.

Comments are closed.