දිවයිනට රථවාහන ආන­ය­නය කිරී­මේදී ඒවා නිෂ්පාද­නය කරන රට­වල බැංකු සමඟ ණය­වර ලිපි (L.C.) විවෘත කොට කට­යුතු කර­න්නැයි ශ්‍රී ලංකා මහ බංකුව දැනුම් දී තිබි­යදී එසේ නොකරමින් වෙනත් විදේ­ශීය රට­වල්හි බැංකු­වල ණය­වර ලිපි විවෘත කොට වාහන ගෙන්වීම වහාම නතර කිරමට රජය තීර­ණය කොට ඇත. ඒ අනුව නිසි­ ලෙස ණය­වර ලිපි නිකුත් නොකොට දැනට දිවයිනට ගෙනා රථ වාහන දෙසී­ය­කට අධික ප්‍රමා­ණ­යක් ශ්‍රී ලංකා රේගුව මඟින් නිද­හස් නොකොට එහි රඳ­වා­ගෙන තිබේ.

මෙලෙස නිසි­යා­කා­රව ණය­වර ලිපි නිකුත් නොකොට රථ වාහන ගෙන්වීම තුළින් අයථා ලාභයක් ආන­ය­න­ක­රු­වන් විසින් හිමි­ක­ර­ගෙන ඇත.

එවැනි වාහන නිද­හස් කිරීම සහ නැවත රටට ගෙන්වීම සම්පූ­ර්ණ­යෙන්ම මේ වන විට නවතා දැමීමට ආන­යන අප­න­යන පාල­ක­ව­රයා විසින් කටයුතු කර ඇත්තේ මේ තත්ත්වය සලකා බලාය.

Share.

Comments are closed.

Exit mobile version