ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ජූලි 23 දක්වා අපේක්ෂිත ප්‍රමාදයන් සමඟ මාර්ග වසාදැමීමක් සිදුකරන බව නිවේදනය කර ඇත.

Al Ghubaiba සහ Al Mina Street මංසන්ධියේ Khalid Bin Al Waleed පාරේ ප්‍රමාදයන් අපේක්ෂා කෙරේ.

ප්‍රමාදයන් ජූලි මස 9 මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වනු ඇතැයි ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය නිවේදනය කොට තිබෙනවා.

උපදෙස්

ජූලි 23 දක්වා එම ප්‍රදේශයේ මාර්ග වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග වෙත යොමුවන ලෙස ප්‍රදේශයේ ජනතාවට උපදෙස් දී තිබෙනවා.

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය රථවාහන රියදුරන්​ට භාවිතා කල හැකි විකල්ප මාර්ග තුනක් යෝජනා කර ඇති අතර ඒවා නම්:

  • Sabah Al Ahmead Al Jaber Street
  • Kuwait Street
  • Sheikh Khalifa Bin Zayed වීදිය

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය පැවසුවේ ප්‍රමාදයන් ජූලි මස 23 උදේ 5 දක්වා අපේක්ෂා කරන බවයි.

Share.

Comments are closed.