Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»අවසන් තරගයේ ජයත් ශ්‍රී ලංකාවට
Sports

අවසන් තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

Stanly KularathnaBy Stanly KularathnaJuly 9, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය. 

සිම්බාබ්වේහි, හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසුණි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5ක දී සියලුදෙනා දැවී ලකුණු 233ක් ලබාගත්තේය.

ආරම්භක කඩුල්ල ලෙස සදීර සමරවික්‍රම ලකුණු 19කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 23කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සහන් ආරච්චිගේ අද සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 57ක් ලබාගැනීමට සමත්වුණි.

කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්, චරිත් අසලංක ලකුණු 36ක් සහ වනිදු හසරංග ලකුණු 29ක් ලබාගත්හ.

නායක දසුන් ශානක එක් ලකුණකටත්, ධනංජය ද සිල්වා ලකුණු 4කටත් දැවී ගියේය.

පන්දුයැවීමේ දී ලොගාන් වෑන් බීක්, රයන් ක්ලෙයින්, වික්‍රම්ජිත් සිං සහ සඛිබ් සුල්ෆිකර් කඩුලු දෙක බැගින් බිඳහෙළුහ.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 234ක ඉලක්කය හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 105ක් පමණි.

ඒ අනුව එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 128ක ජයක් ලබාගත්තේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුළු භූකම්පන තත්වයක්
Next Article එමරාතීකරණ ඉලක්ක සපුරාගනිමින් ​එමරාතී ජාතිකයින් 79,000ක් පුද්ගලික අංශයේ සේවය​ට
Stanly Kularathna

Related Posts

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.