මහජනතාව සඳහා විවෘත කරන ලද Al Ittihad Street සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කරන බව අජ්මාන් හි මහ නගර සහ සැලසුම් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

2022 ජූලි මාසයේදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය​ට, ඩුබායි සිට ෂෙයික් කලීෆා මංසන්ධිය දෙසට පැමිණෙන වාහන සඳහා මංතීරු තුනකින් සමන්විත Al Ittihad වීදියේ පාලමක් ඉදිකිරීම ඇතුළත් වෙනවා. මීට අමතර​ව අල් ඉතිහාඩ් සහ කුවේට් වීදි මංසන්ධි වල ස​හ පාලම් යට රථවාහන ආලෝක පද්ධති සවි කිරීමත් අල් හසන් බින් අල් හයිතම් වීදියේ අජ්මාන් කාර්මික ප්‍රදේශයේ සිට සාජා දෙසට පැමිණෙන වාහ​න සඳහා පාලමක් ද ඇතුලත්වේ.

අලුතින් විවෘත කරන ලද වීදි​යේ පැයකට වාහන 16,000 ක් හුවමාරු වී​මේ හැකියාව ඇති මංතීරු පහක් සපයන අතර ගමන් කාලය 50% කින් අඩු කරයි. මෙහි පළමු අදියර නියමිත දිනට පෙර නිම කරන ලදී. Al Ittihad Street ව්‍යාපෘතිය සුමට වාහන ගමනාගමනයට දායක වූ අතර මාර්ග තදබදය මඟහරවා ගැනීමට දාය​ක විය.

Share.

Comments are closed.

Exit mobile version