Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Communication»මෙටා ත්‍රෙඩ්ස් වෙතින් ඇදහිය නොහැකි වාර්තාවක්
Communication

මෙටා ත්‍රෙඩ්ස් වෙතින් ඇදහිය නොහැකි වාර්තාවක්

Stanly KularathnaBy Stanly KularathnaJuly 12, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝකයම ආක්‍රමණය කරමින් පැතිර යන මෙටා ත්‍රෙඩ්ස් පිළිබඳව නවතම වාර්තාවක් මේ වනවිට නිකුත් වී තිබේ.

එහි සඳහන් වන්නේ ත්‍රෙඩ්ස් සමාජ මාධ්‍ය යෙදවුම මේ වනවිට මිලියන 100ක පරිශීලකයින් ප්‍රමාණය ඉක්මවා ඇති බවය.

හඳුන්වා දී අඩුම කාලයකින් මිලියන 100ක පරිශීලකයින් ප්‍රමාණය හිමිකරගැනීමේ වාර්තාව මීට පෙර සතුව තිබුණේ ChatGPT වෙතටය.

  • කෙසේ වෙතත් ChatGPT පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට මාස දෙකක කාලයක් ගතවිය.
  • සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් සඳහා පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට මාස 9ක කාලයක් ගතවිය.
  • එසේම ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට වසර දෙකහමාරක කාලයක් ගතවිය.

ඒ අනුව එම සියලු වාර්තා අභිබවා යමින් ත්‍රෙඩ්ස් පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට ගතකර ඇත්තේ දින 5ක් වැනි කෙටි කාලයකි.

මේ සඳහා බරපතළ ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක නොවී මෙලෙස ලොවපුරා ජනප්‍රිය වීම පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

නවතම වාර්තා පෙන්වාදෙන්නේ සෑම පැය 4කට වරක්ම පරිශීලකයින් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ත්‍රෙඩ්ස් සමග එක්ව ඇති බවය.

මෙටා සමාගමේ නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරියේදී ත්‍රෙඩ්ස් වෙත නව වෙනස්කම් රැසක් එක්කිරීමට සූදානමින් පසුවන බවය.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනොදන්නා ඇමතුම්කරුවන් නිහඬ කිරීම ඇතුලත් WhatsApp නව රහස්‍යතා විශේෂාංග හඳුන්වා දෙයි
Next Article ඩුබායි, සයිබර් ආරක්ෂක උපාය මාර්ගයේ දෙවන චක්‍රය දියත් කරයි
Stanly Kularathna

Related Posts

Free Wi-Fi දැන් ඩුබායි බස් නැවතුම් ස්ථාන හයකින්

January 1, 2025

Dubai Future Foundation හි 3 වන වාරය නොවැම්බර් මාසයේදී

October 28, 2024

එමීර් රාජ්‍යය රජයේ සන්නිවේදනය වැඩි දියුණුවට සමාජ මාධ්‍ය මාර්ගෝපදේශයක් අරඹයි

September 19, 2024
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.