මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) 2023 ජූලි 21 සිකුරාදා, ඉස්ලාමීය අලුත් අවුරුද්ද (1445H) වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලුම පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිල වැටුප් සහිත නිවාඩු දිනයක් වන බව නිවේදනය කර තිබෙනවා. මේ අනුව වැසියන්ට දින 3ක සති අන්තයක් බුක්ති විඳීමට අවස්ථාව උදාවෙනවා.

එම දිනය රාජ්‍ය අංශයේ සේවකයින්ටද නිවාඩු දිනයක් බව මීට පෙර එරට මානව සම්පත් ෆෙඩරල් අධිකාරිය නිවේදනය කළේය.

මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත්කොට ඇත්​තේ 2023, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිල නිවාඩු දින පිළිබඳ කැබිනට් යෝජනාවක​ට අනුකූලව​ය.

Share.

Comments are closed.