මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MOHRE) තම නිල ලාංඡනය ව්‍යාජ ලෙස ප්‍රදර්ශනය කරන වංචනික පණිවිඩ සම්බන්ධයෙන් මහජනතාව​ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ව්‍යාජ ලෙස නිර්මාණය කොට බෙදාහරි​න එවැනි පණිවිඩ මගින් පුද්ගලයන්​ට තම පුද්ගලික තොරතුරු ලබා නොදෙන්නේ නම් ඔවුන්ගේ බැංකු ගිණුම් අත්හිටුවන බව සඳහන් කොට තිබෙනවා.

මෙවැනි වංචාවන් සම්බන්ධයෙන් ප්‍රවේසම් වීම සහ සුපරීක්ෂාකාරී වීම සහ සංවේදී තොරතුරක් හෙළි නොකිරීම වැදගත් වේ.

මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශයෙහි නිල ලාංඡනය පමණක් නොව අනෙකුත් රාජ්‍ය ආයතනවල ලාංඡන ද ප්‍රදර්ශනය කරමින් ඩිජිටල් සහ විද්‍යුත් නාලිකා හරහා යවන ලද වංචනික පණිවිඩ හඳුනාගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාජ පණිවිඩ යවන්නන් කියා සිටින්නේ පුද්ගලයන්ට ඔවුන්ගේ පාරිභෝගික දත්ත ලබා නොදුන්නොත් බැංකු ගිණුම් අත්හිටුවන බවත්, නිශ්චිත දුරකථන අංකවලට කතා කරන ලෙස ඉල්ලා සිටින බවත්ය. එවැනි පණිවිඩවලට ප්‍රතිචාර වශයෙන් ප්‍රවේශම් වීම සහ පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු හුවමාරු කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ.

මෙවැනි පණිවිඩ නොසලකා හරින ලෙසත් ඒවාට ප්‍රතිචාර නොදක්වන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවට උපදෙස් දුන්නේය. එවැනි පණිවිඩ සම්භන්ධයෙන් වහාම නිසි ආරක්ෂක බලධාරීන් අමතා වාර්තා කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.

Comments are closed.