Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»වාහන පදවන අතරතුර ජංගම දුරකථනය භාවිතාකිරීමේ වරදට ඩිරාම් 800 ක දඩයක්
Fines

වාහන පදවන අතරතුර ජංගම දුරකථනය භාවිතාකිරීමේ වරදට ඩිරාම් 800 ක දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaJuly 16, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රිය පදවන විට ඉක්මනින් ඇමතුමක් ගැනීම දුරකථනට ​ආ පණිවිඩය පරීක්ෂා කිරීම විශාල ප්‍රශ්නයක් නොවන බව කෙනෙකුට සිතෙන්නට පුළුව​න. 2022 දී අබුඩාබි පොලිසියේ සමීක්ෂණයකින් හෙළි වූයේ මාර්ග මරණ සහ බරපතල තුවාල වලින් 80 % කට පමණ හේතු වී ඇත්තේ රියදුරන් වාහන පදවන අතරතුරදී දුරකථන භාවිත​ය මගින් සිදු කරන බවයි.

“ජංගම දුරකථන රියදුරන්ගේ අවධානය වෙනතකට යොමු කරන අතර ඔවුන් විසින් සිදු නොකරන වැරදි සිදු කිරීමට හෝ ඉතා සෙමින් ප්‍රතිචාර දැක්වීමට හේතු විය හැක” යනුවෙන් ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සැහැල්ලු මෝටර් රථ පැදවීමේ අත්පොතෙහි සඳහන් කරයි.

මෝටර් රථ රියදුරන් තම ජංගම දුරකථනයෙන් අවධානය වෙනතකට යොමු කරන විට සිදු කරන පොදු වැරදි කිහිපයක් ද අත්පොත ලැයිස්තුගත කරයි:

1. බහු මංතීරු මාර්ගයක මංතීරු හෝ මාර්ගය හරහා ගමන් කිරීම.

2. නොගැලපෙන ලෙස රිය පැදවීම, හේතුවක් නොමැතිව වේගය වැඩි කිරීම හෝ වේගය අඩු කිරීම.

3. ඉදිරියෙන් යන වාහන වල​ට සුදුසු දුරක් පවත්වා ගැනීමට අපහසු වීම.

4. ගමනාගමනයේදී ආරක්ෂිත දු​ර පිළිබඳ වැරදි විනිශ්චයන් සිදු කිරීම.

අවධානය වෙනතකට යොමු කර රිය පැදවීම සඳහා දඩ

රිය පැදවීමේදී, ජංගම දුරකථනය භාවිතා කිරීම “අවධානය වෙනතකට යොමු කර රිය පැදවීම” යන කාණ්ඩයට අයත් වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රථවාහන නීතියේ දඬුවම් ලැයිස්තුව – 2017 වර්ෂ​යේ අමාත්‍ය යෝජනා අංක (178) හි රථවාහන පාලනය පිළිබඳ නීති රීති සහ ක්‍රියා පටිපාටිවල සපයා ඇත. රියදුරෙකු තම ජංගම දුරකථනය රිය පැදවීමේදී භාවිතා කරමින් හෝ අවධානය වෙනතකට යොමු කරමින් රිය පැදවීම සඳහා ඔහුගේ හෝ ඇයගේ රියදුරු බලපත්‍රයට කළු ලකුණු (Black points) හතරක් සමඟින් ඩිරාම් 800 ක දඩයකට මුහුණ දීමට සිදුවේ.

කළු ලකුණු (Black points) යනු කුමක්ද?

කළු ලකුණු (Black points), හෝ ට්‍රැෆික් පොයින්ට් යනු සමහර මාර්ග නීති කඩකිරීම් වලට එරෙහිව නිකුත් කරන දඩුවමකි. වේග සීමාවට වඩා මදක් ඉහළින් රිය පැදවීම හෝ වැරදි ලෙස වාහන නැවැත්වීම වැනි සමහර උල්ලංඝනයන්​ට මුදල් වලින් දඩ ගෙවීම​ට තුඩු දිය හැකි අතර, වඩාත් භයානක හැසිරීම් සඳහා කළු ලකුණු පැනවීමට ද හේතු විය හැක.

කළු ලකුණු නිකුත් කරනු ලබන්නේ රියදුරු බලපත්‍රටයි. මෝටර් රථ රියදුරෙකුට කළු ලකුණු 4 සිට උපරිම 24 දක්වා ඕනෑම තැනකදී උල්ලංඝණයක් ​ස​ඳහා ලැබි​ය හැකිය. රියදුරෙකුට උපරිම කළු ලකුණු 24 ක් ලැබීමෙන් පසු යම් උල්ලංඝනයක් සිදුවී ඇත්නම්, බලපත්‍රය රාජසන්තක කිරීම හෝ අත්හිටුවීමත් ​ඒ සමඟ නඩුවක් මාර්ගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උසාවියට යොමු කරනු ලැබේ.

පොලිස් බලධාරීන්ට අනුව, දුරකථන ඇමතුමක් ගැනීම සඳහා Handfree උපාංගයක් භාවිතා කළත්, එය තවමත් මාර්ගයෙන් ඔබේ අවධානය අඩු කරන අතර රිය පැදවීමේදී ඇමතුම් ගැනීම ආරක්ෂිත නො​වේ. “ඔබ නවතා ඇති විට පමණක් ජංගම දුරකථන භාවිත කිරීමට පුරුදු වන්න. ඔබ රිය පදවන විට, ඔබ සමග සිටින වෙනත් කෙනෙකු​ට ඔබේ දුරකථනයට පිළිතුරු දීමට සලස්වන්න, නැතහොත් ඒ වෙනුවට ඔබේ දුරකථනය voice mail වෙත යාමට ඉඩ දෙන්න” යනුවෙන් RTA අත්පොත සඳහන් කරයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවාණිජ ප්‍රවාහන ක්ෂේත්‍ර​ය ඩුබායිහි රැකියා 242,000ක් ජනනය කරයි
Next Article UAE හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.1 දක්වා ඉහළ යයි
Stanly Kularathna

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.