විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන උතුරු පළාතේ මහජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන් මහජනතාව අතරට ගෙනයා​ම අරමුණු කොටගත් Glocal Fair – 2023 වැඩසටහන පසුගියදා යාපනය මුට්‍රවෙලි පිටියේදී ක්‍රියාත්මක කරනු ලැබුවා.

ජුලි මස 15 සහ 16 යන දින දෙකක් පුරාව පැවති මෙම වැඩසටහන තුලින් විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන මහජනතාව​ට විදේශ රැකියා අවස්ථාවන් පිළිබඳවත් ඒහා සම්භන්ධ නීතිරීති හා ​ක්‍රියාපිළිවෙත් පිළිබඳවත් තොරතුරු ලබාගැනීමේ අවස්ථාව උදාවූවා.

Glocal Fair – 2023 වැඩසටහන මගින් උතු​රේ ජනතාවට ලබාගත හැකි වූ අනෙකුත් සේවාවන් වූ​යේ:

  • බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන මාර්ගයෙන් විදේශ රැකියා සොයාගැනීමේ අවස්ථාව
  • විදේශ රැකියා පුහුණුව පිළිබඳ තොරතුරු ලබාගැනී​ම
  • විදේශ රැකියා සම්බන්ධ ගැටළු ඉදිරිපත් කිරීමට හා ඒවා නිරාකරණය කරගැන්මට අවස්ථාව
  • ජපන් හා ඊශ්‍රායල් රැකියා තොරතුරු ලබාගැනී​ම
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන සේවා පිළිබඳ තොරතුරු ලබාගැනී​ම

Glocal Fair – 2023 වැඩසටහනට සමගාමී​ව රැකියා සඳහා විදේශගතවූ උතුරු පළාතේ විගමනික දෙමාපියන්ගේ දූ දරැවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, විදේශ විනිමයෙන් රට ශක්තිමත් කළ උතුරු පළාතේ දිරිය ශ්‍රී ලාංකිකයන් ඇගයීම,  රැකියා සඳහා විදේශගත උතුරු පළාතේ විගමනික දෙමාපියන්ගේ දූ දරැවන් හට පාසල් උපකරණ ප්‍රදානය කිරීමත් සිදුකෙරුණා. විදේශ රැකියා අවසන් කර මෙරටට පැමිණි උතුරු පළාතේ දිරිය ශ්‍රී ලාංකිකයන් හට ස්වයං රැකියා ආධාරද මෙහිදී ප්‍රදානය කළා.

Glocal Fair – 2023 වැඩසටහන ක්‍රියාත්මකව​න අතරවාරයේ යාපනයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ගිය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එහි වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන් හමුවීමට කටයුතු කළේය. ඔවුන් සමග දීර්ඝ වේලාවක් සුහද කතාබහක යෙදුන අමාත්‍යවරයා පසුව යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් හමුවීමට කටයුතු කළ අතර එහිදී අදහස් දක්වමින් යාපනයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් හා ප්‍රාදේශීය කාර්යාල සංකීර්ණයක් ලබාදීමට කටයතු කරන බව​ද පැවසීය.

Share.

Comments are closed.