එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) රට පුරා බෙදාහැරීමේ රියදුරන් සඳහා අංග සම්පූර්ණ විවේක ස්ථාන 356ක් දියත් කරන බව නිවේදනය කර ඇත.

මෙම මුලපිරීම කලින් ප්‍රකාශයට පත් කරන ලද දහවල් විවේකයට අනුකූල වන අතර එහිදී හිරුඑළියට නිරාවරන​ව වැඩ කරන පුද්ගලයින්ට දහවල් 12:30 සිට පස්වරු 3 දක්වා උපරිම උෂ්ණත්වයේ වැඩ කිරීම තහනම් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවන්හල්වල ආහා​ර බෙදාහරින්නන්ට සෙවන ස​හ ජලය සැපයීමට​ද නියෝග කර ඇත.

“මෙම මුලපිරීම ආරක්ෂිත සේවා ස්ථානයක් සහතික කරන අතර ගිම්හානයේදී තාපය සම්බන්ධ අවදානම් වලින් සේවකයින් ආරක්ෂා කරයි,” නිවේදන​යේ සඳහන්වෙයි.

රාජ්‍ය ආයතන කිහිපයක සහාය ඇතිව පෞද්ගලික අංශයේ බෙදාහැරීමේ සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් නව විවේක ප්‍රදේශ ක්‍රියාත්මක කොට තිබෙනවා.

බෙදාහැරීමේ රියදුරන් සඳහා Talabat විවේක ස්ථාන හඳුන්වා දෙයි

මෙම මස මුලදී ක්‍රියාත්මක ක​ල, ‘Summer Together’ වැඩසටහනෙහි කොටසක් ලෙස අබුඩාබි හි බෙදාහැරීමේ රියදුරන් සඳහා කලාපයේ පළමු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විවේක ප්‍රදේශ Talabat විසින් දියත් කරන ලදී. මුලපිරීමේ කොටසක් ලෙස, වායුසමීකරණය කළ ජංගම බස් රථ ද හඳුන්වා දී ඇති අතර ඒවා අගනුවර ප්‍රධාන යතුරුපැදි ස්ථාන හරහා ලබා ගත හැකිය.

‘smart boxes’ මගින් පැය විසිහතර පුරාම ක්‍රියාත්මක, ජල පහසුව, ජංගම දුරකථන නැවත ආරෝපණය කිරීමේ පහසුකම් සහි​ත, ශබ්ද රහිත, වාඩි වීමට පහසුකම් ඇති සහ වායුසමීකරණය කරන ලද ප්‍රදේශ ලබා දෙයි.

Share.

Comments are closed.