මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව ඇති අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් පාකිස්තානයට යෑම ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය.

එබැවින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත්වීමෙන් තරඟාවලියේ සමහර තර​ඟ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කළේය.

2023 ඔක්තෝබර් 05 වනදා ඉන්දියාවේදී ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරඟාවලියේ තරග පන්දු ඕවර 50 තරග ලෙස පැවැත්වෙයි.

2023 ආසියානු කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මහනුවර පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතය.

එම තර​ඟය සැප්තැම්බර් 02 වනදා පැවැත්වෙනු ඇත.

2023 ආසියානු කුසලාන තරඟාවලිය සඳහා “A” සහ “B” කාණ්ඩ යටතේ කණ්ඩායම් 6ක් සහභාගී වෙයි.

එහිදී ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය “A” කාණ්ඩය යටතේද ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය “B” කාණ්ඩය යටතේද තරග වදියි.

ඉන් එක කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින් සුපිරි 4 දෙනාගේ වටයට තේරෙන අතර තරඟාවලියේ අවසන් තර​ඟය සැප්තැම්බර් 17 වනදා කොළඹදී පැවැත්වෙයි.

ආසියානු කුසලාන 2023 කාලසටහන

තරගයදිනයස්ථානයකාණ්ඩය
පකිස්ථානය ස​හ නේපාලයඅගෝස්තු 30මුල්තාන්  A කාණ්ඩය
ශ්‍රී ලංකාව ස​හ බංග්ලාදේශය  අගෝස්තු 31  මහනුවරB කාණ්ඩය
ඉන්දියාව ස​හ පකිස්ථානය  සැප්තැම්බර් 2  මහනුවර  A කාණ්ඩය  
බංග්ලාදේශය ස​හ ඇෆ්ගනිස්ථානය  සැප්තැම්බර් 3ලාහෝර්B කාණ්ඩය
ඉන්දියාව ස​හ නේපාලය  සැප්තැම්බර් 4මහනුවරA කාණ්ඩය
ශ්‍රී ලංකාව ස​හ ඇෆ්ගනිස්ථානයසැප්තැම්බර් 5ලාහෝර්B කාණ්ඩය
A 1 කාණ්ඩය ස​හ B 2 කාණ්ඩයසැප්තැම්බර් 6ලාහෝර්සුපිරි 4  
B 1 කාණ්ඩය ස​හ B 2 කාණ්ඩයසැප්තැම්බර් 9මහනුවරසුපිරි 4
A 1 කණ්ඩායම ස​හ A 2 කාණ්ඩය  සැප්තැම්බර් 10මහනුවරසුපිරි 4
A 2 කාණ්ඩය ස​හ B 1 කාණ්ඩය  සැප්තැම්බර් 12දඹුල්ලසුපිරි 4
A 1 කාණ්ඩය ස​හ B 1 කාණ්ඩය  සැප්තැම්බර් 14දඹුල්ලසුපිරි 4
A 2 කාණ්ඩය ස​හ B 2 කාණ්ඩය  සැප්තැම්බර් 15දඹුල්ලසුපිරි 4
අවසන් තරඟ​යසැප්තැම්බර් 17කොළ​ඹ
Share.

Comments are closed.