සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමුටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 279කට දැවී ගියේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 82ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාව​ට හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වේ.

නිශාන් මධුසංඛ රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 52ක් වන අත​ර රමේෂ් මෙන්ඩිස් ලකුණු 42ක් රැස්කලා.

පන්ඳු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් අබ්රාර් අහමඩ් කඩුළු 3ක් සහ නෝමන් අලි කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 312ක් රැස්කර ගත් අතර, පාකිස්ථාන පිල පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 461ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා පාකිස්ථානය ලකුණු 131ක් රැස්කර ගත යුතු වෙනවා.

Share.

Comments are closed.