2024 පෙබරවාරි 10 වන දින අබුඩාබියේ අබු මුරේකා ප්‍රදේශයේ විශ්මයජනක කිරිගරුඬ සහ වැලිගල් වලික් නිමැවූ හින්දු කෝවිලක් විවෘත කිරීමට නියමිතයි. 2019 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද මෙය ඉන්දියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිර්මාණ ශිල්පීන්ගේ වසර හතරක සූක්ෂම නිර්මාණ වල එකතුවකි.

විවෘත කිරීම සහජීවන​යේ උත්සවයෙහි (‘Festival of Harmony’) කොටසක් ලෙස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, 2024 පෙබරවාරි 18 වන දින මහජනතාව වෙ​ත විවෘත කිරීම සඳහා සමාරම්භක කේන්ද්‍රීය වැඩසටහන් සතියක් පුරා අනුගමනය කරනු ඇත. ලොව පුරා විහාරස්ථාන 1,200කට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීම අධීක්ෂණය කර ඇති සංවිධානයක් වන Baps Swaminarayan Sanstha විසින් එහි ඉදිකිරීම් අධීක්ෂණය කරනු ලබන මෙම විහාරස්ථානය වෙත සෑම ආගමකම පුද්ගලයන්​ගේ පැමිණීම අපේක්ෂා කරනු ලබනවා.

සවිස්තරාත්මකව සහ ආගමික වැදගත්කමකින් පරිපූර්​ණ, මෙහි ව්‍යුහය සුදු කිරිගරුඬ ටොන් 5,500කින් සහ රෝස වැලිගල් ටොන් 14,500කින්, ශිල්පීන් 2,000ක් විසින් ඉතා සංකීර්ණ ලෙස කැටයම් නිර්මාණය කර ඇත. ප්‍රධාන යාඥා ශාලාව දැනටමත් බිම් මට්ටමේ ඉදිකර ඇති අතර, දෙවන මහලේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට උපහාරයක් ලෙස එක් එක් එමීර් ප්‍රදේ​ශ නියෝජනය වන පරිදි කුළුණු හතකින් සමන්විත වේ. නිම කරන ලද මීටර් 32 ක් උස ව්‍යුහය විසිතුරු කුළුණු 200 කට වඩා වැඩි ගණනකින් සරසා ඇත.

පෞරාණික ඉදිකිරීම් ශිල්පීය ක්‍රම සඳහා වූ මෙම විහාරස්ථානය වානේ, යකඩ හෝ ශක්තිමත් කරන ලද කොන්ක්‍රීට් වලින් තොරව ඉදිකර ඇත. ඒ වෙනුවට එය ස්​ථර සම්පීඩන තාක්‍ෂණයක් අනුගමනය කරයි, අත්තිවාරම සඳහා ග්‍රැනයිට්, ඊළඟ ස්ථරය ලෙස රෝස වැලිගල් සහ අවසානයේ ව්‍යුහාත්මක ශක්තිය එක් කරන කිරිගරුඬ නිමැවුම ​සඳහා යොදා​ගෙන තිබෙනවා.

මෙම කෝවිල Sheikh Zayed පාරට ඔබ්බෙන් පිහිටා ඇති අතර එය 2015 දී UAE හි ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නයාන් විසින් ඉන්දියානු ප්‍රජාවට ලබා දුන් භූමි ප්‍රමාණය හෙක්ටයාර් 5.4ක් පුරා විහිදී ඇත. මෙහි උද්‍යාන දෙකක්, ප්‍රජා ශාලාවක්, නැරඹුම් මධ්‍යස්ථානයක්, ආපන ශාලා සහ සභා ශාලාවක් ඇතුළත් වේ.

Share.

Comments are closed.