ඩුබායි පොලිසිය වැසියන්ට ‘හදිසි අනතුරු ඇඟවීමක්’ නිකුත් කරමින් පවසා සිටින්නේ ගෙවීම් කිරීමට පෙර ඊමේල් සත්‍යාපනය (verify)  කරන ලෙසයි.

ට්විටර් පණිවුඩයක් මගින් අධිකාරිය ප්‍රජාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ ඩුබායි පොලිසිය ලෙස පෙනී සිටින ඊමේල් සත්‍යාපනය කරන ලෙසයි. දඩ හෝ සේවා ගාස්තු ගෙවීමට සබැඳියක් ක්ලික් කරන ලෙස ඔවුන්ව පොළඹවන එම ඊමේල් විශේෂයෙන් පරීක්ෂා කරන ලෙස එය නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් වේ: “වංචනිකයින් වංචාකාරී උපක්‍රම භාවිතා කරයි, දඩ මුදල් සහ සේවා ගාස්තු ගෙවීමට සබැඳියක් ක්ලික් කරන ලෙස ලබන්නන්ගෙන් ඉල්ලා සිටී. අපි ප්‍රජාසාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, එවැනි වංචනික භාවිතයන්ට ගොදුරු නොවීම සඳහා ඩුබායි පොලිසියෙන් යැයි කියන ඕනෑම විද්‍යුත් තැපෑලක සත්‍යතාව තහවුරු කරන ලෙසත්ය.”

මීට පෙර, සාජා පොලිසියේ සාමාන්‍ය විධානය මෝටර් රථ අලෙවිය සහ මිලදී ගැනීම් පිළිබඳ විශේෂිත වෙබ් අඩවි භාවිතා කරන ප්‍රජා සාමාජිකයින්ට වංචා සහ සොරකම් කිරීමේ තර්ජනය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීය. බලධාරීන්ට අනුව, අපරාධකරුවන් නව ක්‍රමයක් භාවිතා කරන අතර බැංකු ආයතනවල නිල නිවාඩු දිනවලදී මූල්‍ය මෙහෙයුම් අත්හිටුවන බැවින් වංචාකරුවන් සති අන්ත සහ නිල නිවාඩු දිනවලින් ප්‍රයෝජන ගනී.

ඔවුන්ගේ ක්‍රියා පටිපාටියට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල​ට ව්‍යාජ චෙක්පත් තැන්පත් කිරීමත්, එමගින් ගනුදෙනු​ව නීත්‍යානුකූල බව විශ්වාස කිරීමට ගොදුරු වූවන්ට අවස්ථාව සැලසී​මත් ඇතුළත් වේ. තම ගණුදෙණු අවසන් කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින නොසැලකිලිමත් පුද්ගලයින් තමා වංචාවකට ගොදුරු වී ඇති බව අවබෝධ කර ගන්නේ පසුවයි.

Share.

Comments are closed.