එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලි සංදේශ අධිකාරිය පසුගියදා ආභාධිත පුද්ගලයන් සඳහා නව වරප්‍රසාද රාශියක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ආභාධිත පුද්ගලයන්​ට ජංගම සහ අන්තර්ජාල සැලසුම් සඳහා 50% ක වට්ටමක් හිමි වෙනවා.

du ස​හ Etisalat සඳහා වරප්‍රසාද සහ විස්තර එකිනෙකට වෙනස් විය හැකි වුවද, විදුලි සංදේශ සහ ඩිජිටල් රාජ්‍ය නියාමන අධිකාරිය (TDRA) විසින් නිකුත් කරන ලද උපදේශන මත පදනම්ව, එම ආයතන විසින් විශේෂ දීමනාව නිකුත් කරනු ලබනවා.

Etisalat වෙතින්, ආභාධිත පුද්ගලයින්ට පහත සඳහන් සේවාවන් සඳහා 50%ක වට්ටමක් ලැබේ:

  • නව Freedom සහ Emirati Freedom පැකේජය යටතේ මාසික සැලසුම් සඳහා
  • eLife Family Value Pack යටතේ රූපවාහිනිය, අන්තර් ජාලය සහ දුරකථන සේවා මාසික පැකේජ සඳහා
  • නිවසේ දුරකථන සඳහා මාසික පැකේජ
  • පෙරගෙවුම් ජංගම දත්ත පැකේජ: එක් වරක් සඳහා දත්ත පැකේජ (One-time data packs) සහ නැවත අළුත්වන තෝරාගත් දත්ත පැකේජ (recurring data packs)
  • ගෘහස්ථ අන්තර් ජාල පැකේජ සඳහා 512Kbps, 1Mbps, සහ 10Mbps මාසික සැලසුම්

ඔවුන්ට ඔවුන්ගේ ජංගම දුරකථන සඳහා හෝ ඔවුන්ගේ eLife සැලසුම් සමඟ අන්තර්ජාල ඇමතුම් සඳහා නොමිලේ දායකත්වයක් ද ලැබේ.

Du සමඟ, ආභාධිත පුද්ගලයින්ට පහත සඳහන් සේවා සඳහා 50%ක වට්ටමක් ලැබෙනවා:

  • පසුගෙවුම් Smart plan
  • පසුගෙවුම් Emirati plan
  • පසුගෙවුම් Power plan

du පෙරගෙවුම් සැලසුම් භාවි​ත කර​න අයට සුවිශේෂී වරප්‍රසාද ලැබේ: ඔවුන් Re-load කරන සෑම අවස්ථාවකම, Re-load කල වටිනාක​ම 100%ක් ප්‍රසාද (bonus credit) බැර ලෙස ඔවුන්ට ලැබෙනු ඇත. එය ජාතික සහ ජාත්‍යන්තර ඇමතුම් සඳහා භාවිත කළ හැකිය.

කෙසේ වෙතත්, සමහර සැලසුම් වට්ටමෙන් බැහැර කර ඇති බව Du පැවසීය (ඒ අතර Special Power Plan 500, Special Power Plan 500 Data, Special Power Plan 1000 වෙනවා).

Share.

Comments are closed.