එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුද්ගලික අංශයේ 80,000 කට අධික එමරාතිවරුන් පිරිසක් සේවය කරන අතර මෙරට ශ්‍රම වෙළඳපොළේ විකාශනයට දායක වූ රජයේ අදාළ යෝජනා, ප්‍රතිපත්ති සහ වැඩසටහන් වලට ස්තූතිවන්ත වන බව මානව සම්පත් සහ එමරාතිකරණ අමාත්‍යාංශය (MoHRE) ට්වීටර් පණිවිඩයක් සඳහන් කර ඇත.

නවතම MoHRE වාර්තාවට අනුව, පුද්ගලික අංශයේ එමිරාටිවරුන් 27,055 ක් සිටි 2018 වසර​ට සාපේක්ෂව පුද්ගලික සමාගම්වල සේවය කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් සංඛ්‍යාව තුන් ගුණයකින් පමණ වැඩි වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යෙහි තරඟකාරිත්වය වැඩි කිරීම අරමුණු කරගත් ෆෙඩරල් රජයේ මුලපිරීමක් වන නෆිස් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් වසරකට පසුව, 2022 වස​රේදී වඩාත් කැපී පෙනෙන ප්‍රගතියක් ලඟා කරගෙන ඇත. 2021 දී, පුද්ගලික අංශයේ එමරාතිවරුන් 29,810 ක් සිටි නමුත් 2022 අවසානයේ ඔවුන්ගේ සංඛ්‍යාව දෙගුණ වී 50,228 ක් විය.

පසුගිය වසරේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය 2% එමරාතිකර​ණ අනුපාතය සාක්ෂාත් කර ගැනීම සඳහා යෝජනාවක් නිකුත් කළ අතර Nafis ආධාරක පැකේජය ද පුළුල් කළේය.

MoHRE සඳහන් කළේ, මෙම වසරේ ජූලි 26 වනදා දක්වා පුද්ගලික අංශයේ සමාගම් 17,000කට ආසන්න සංඛ්‍යාවක් එමරාතිවරුන් 80,000 කට අධික සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති අතර එය 2022 හි සංඛ්‍යාලේඛනවලට සාපේක්ෂව 57%ක වැඩිවීමක් සනිටුහන් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් 50,228 ක් පුද්ගලික අංශයේ සේවයේ යොදවා ඇති බවයි.

ඩුබායි, එමරාතී පුරවැසියන් පුද්ගලික සමාගම්වල සේවයේ යෙදවීම සම්බන්ධයෙන් සියලුම එමීර් ප්‍රදේ​ශ වලට වඩා ඉහළින් සිටී.

දස දෙනෙකු අතරින් පස් දෙනෙකු ​නැතහොත් 47.4% ක් පුද්ගලික රැකියාවල නියුතු එමරාතිවරු සිටින්නේ ඩුබායි නගරයෙහිය. දෙවනු​ව අබුඩාබියේ 38.6%ක් සිටී. තෙවැනි ස්ථානයේ සාජාහි 7.1% ක් වන අතර, අජ්මාන් 2.5%, රසල්කයිමා 2% , ෆුජයිරා 1.7% සහ උම් අල් කුවේන් 0.7% කි.

රැකියා කාණ්ඩ​ය අනුව, එමරාතිවරු සේවයේ යොදවා ඇති ඉහළම ආර්ථික ක්‍රියාකාරකම් 10ට ඇතුළත් වන්නේ:

  • ව්‍යාපාරික සේවා
  • පරිපාලන සහ උපකාරක සේවා
  • වෙළෙඳ හා අලුත්වැඩියා සේවාව
  • තොග සහ සිල්ලර
  • ඉදිකිරීම
  • සිවිල් ඉංජිනේරු විද්‍යා​ව
  • නිෂ්පාදන කර්මාන්ත
  • මූල්‍ය මැදිහත්වීම
  • මුල්‍ය සහ රක්ෂණ කටයුතු
  • පතල් කැණීම සහ කැණීම්

MoHRE මීට පෙර එමරාතීකරණ වැඩසටහනට අනුකූල වූ පුද්ගලික සමාගම් අගය කර ඇති අතර, ඔවුන් “ජාතික ප්‍රමුඛතාවයක් වන එමරාතීකරණය සාක්ෂාත් කර ගැනීමේ රජයේ හවුල්කරුවන්” ලෙස විස්තර කර ඇත.

Share.

Comments are closed.