දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගීවන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේ සිව්වන අදියර අද සවස කොළඹ ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙනවා.

තරඟ 24කින් සමන්විත LPL තරඟාවලියේ 4වන අදියර ජූලි මස 30 වනදා සිට අගෝස්තු මස 20 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගීවන කණ්ඩායම් වන්නේ

  • ජැෆ්නා කින්ග්ස්
  • කළම්බු ස්ට්‍රයිකර්ස්
  • දඹුල්ල ඕරා
  • ගෝල් ටයිටන්ස්
  • බී ලව්-කැන්ඩි

මූලික වයයේ තරඟ 12ක් කොළඹ ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදී සහ මූලික වයයේ තරඟ 8ක් මහනුවර පල්ළේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. අවසන් ව​ට​යේ තරඟ 3ක් සහ අවසන් මහා තරඟය කොළඹ ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.

මෙවර තරඟයේ ශූරයන්ට පිදෙන කුසලානය ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇළුමිනියම් කෑන් වලින් නිර්මාණය කොට තිබීම සුවිශේෂයි. ඒ වෙරළ තීරයෙන් සොයාගත් ඇළුමිනියම් කෑන් 2523 ක් යොදාගනිමිනි. ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍යයක් භාවිත කරමින් ​ක්‍රිකට් කුසලා​නයක් නිර්මාණය කරන ලද ලොව ප්‍රථම අවස්ථාව මෙය වෙනවා.

විචිත්‍රාංග රැසකින් සමන්වි​ත LPL කුසලා​න තරඟාවලියේ සමාරම්භක උත්සවය අද සවස 5:00 ට කොළඹ ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙනවා.

මෙම තරඟාවලියේ මුල්ම තරඟය ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ස​හ කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර අද රාත්‍රී 7:30 ට ආරම්භවීමට නියමිතයි.

Share.

Comments are closed.