ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේ ​දෙවැනි තර​ඟය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රී පැවැති තර​ඟයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ලකුණු 27 කින් බී – ලව් කැන්ඩි පිල පරාජය කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කය හඹාගිය බී – ලව් කැන්ඩි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 130 ක් පමණි.

කලම්බු ස්ට්‍රයිකර්ස් පිලේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ දක්‍ෂ පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය.

කලම්බු ස්ට්‍රයිකර්ස් පිලේ බාබර් අසාම් පන්දු 52 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කරමින් ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය. වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගත්තේය.

කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට ලකුණු 157 රැස්කලා. බාබර් අසාම් 59, පැතුම් නිස්සංක 15, නුවනිඳු ප්‍රනාන්දු 28, ඉසුරු උදාන 39/3, මොහොමඩ් හස්නන් 27/2

බී – ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 8 ට ලකුණු 130 රැස්කලා. ඇන්ජලෝ මැතිව්ස් 25, කමිඳු මෙන්ඩිස් 15, සෆ්රාස් අහ්මඩ් නොදැවී 16, ජෙෆ්රි වැන්ඩසේ 32/2, නසීම් ෂා 19/2, මතීෂ පතිරණ 24/3, මොහොමඩ් නවාස් 18/1

Share.

Comments are closed.