ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් nol Pay යෙදුමේ යාවත්කාලීන අනුවාදයක් නිකුත් කර ඇත. නිල ගෙවීම් නාලිකාවේ නව අනුවාදයේ නව්‍ය විශේෂාංග හතරක් ඇති බව අධිකාරිය පසුගි​යදා නිවේදනය කළේය.

ස්මාර්ට් පෙරගෙවුම් කාඩ්පතක් වන නොල්, වර්ග හතරකින් ලබා ගත හැකිය: වැඩිහිටියන්, සිසුන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ආභාධි​ත පුද්ගලයින්. RTA හි පොදු ප්‍රවාහන ක්‍රම, පොදු වාහන නැවැත්වීම, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සාප්පු වල ගාස්තු ගෙවීමට එය පරිශීලකයින්ට ඉඩ සලසයි.

nol Pay හි නව විශේෂාංග අතර,

  • ඕනෑම වේලාවක, ඕනෑම තැනක, සහ සියලු නාලිකාවන් හරහා ක්ෂණිකව ශේෂය ඉහළ නැංවීමක් කලහැකි​ය
  • පරිශීලකයින්ට ඔවුන්ගේ nol කාඩ්පත් යෙදුම හරහා පහසුවෙන් නැවත ආරෝපණය (recharge) කිරීමට ඉඩ සලසයි
  • පරිශීලකයින්ට ඔවුන්ගේ RTA ගිණුම ඔවුන්ගේ ඩිජිටල් හැඳුනුම්පත සමඟ සම්බන්ධ කිරීමෙන් පුද්ගලීකරණය කළ නොල් කාඩ්පත් සඳහා අයදුම් කිරීමට හෝ අලුත් කිරීමට හැකිය.
  • හඳුනා නොගත් නොල් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී පරිශීලකයින්ට ඔවුන්ගේ ඩිජිටල් හැඳුනුම්පත් ගිණුම් සමඟ ලොග් වීම සරල කර ඇති අත​ර යෙදුම් තත්ත්වය නිරීක්ෂණය කිරීමේ සේවාව ද සපයයි.

“nol Pay යෙදුමේ ඇති සේවාවන් ඩුබායි හි විවිධ පොදු ප්‍රවාහන ක්‍රම හරහා ගමන් කරන මගීන් සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් කරයි” යනුවෙන් RTA පවසයි.

Share.

Comments are closed.