ඩුබායි විදුලිබල හා ජල අධිකාරියේ (DEWA) පාරිභෝගිකයින් 2023 පළමු භාගයේදී ඩිජිටල් ගනුදෙනු මිලියන 6.3 ක් සිදු කර ඇත. මෙම ගනුදෙනු අත​ර වෙබ් අඩවිය භාවිතා ක​ල ගනුදෙනු මිලියන 1.1 ක්, DEWA හි ස්මාර් ට් යෙදුම භාවිතා ක​ල ගනුදෙනු මිලියන 1.3 ක්, ඊට අමතරව DEWA රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් සපයන විවිධ ඩිජිටල් නාලිකා ඇතුළත් වේ. මෙමගින් සියලුම පාර් ශ්වකරුවන්ට, ඕනෑම වේලාවක, ඕනෑම තැනක, ඔවුන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කර, සහ ඔවුන්ගේ සතුට වැඩි කිරීමට තත්‍ය කාලීන, ආරක්ෂිත සහ බාධාවකින් තොරව අගය එකතු කළ සේවාවන් සහතික කෙරේ. DEWA හි සිය ඩිජිටල් සේවාවන් සඳහා අනුගතවීමේ අනුපාතය 2023 ජුනි මාසය අවසන් වන විට 99% දක්වා ළඟා විය.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ උපදෙස් අනුව අපි ඩිජිටල් යුගයට සහ ඩුබායි හි විශිෂ්ට ඩිජිටල් ගමනට සමගාමීව නව්‍යකරණයන් සහ නවීනතම පෙරලිකාරී තාක්‍ෂණයන් අනුගමනය කරමු. මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිජිටල් රාජ්‍ය උපායමාර්ගය 2025 සහ ඩුබායිහි ඩිජිටල් උපායමාර්ගය අනු​ව බාධාවකින් තොරව පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලන, ක්‍රියාශීලී, ඒකාබද්ධ සහ විශේෂිත සේවාවන් සැපයීම සඳහා ඩුබායි රජයේ සේවා 360 ප්‍රතිපත්තිය (Services 360 policy) සමඟ සමපාත වේ.”

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර වසර තුළ, අනාගතය අපේක්ෂා කිරීමට සහ හැඩගැස්වීමට, අපගේ ගෝලීය නායකත්වය සහ ඩිජිටල් පරිවර්තනයේ විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීමට සහ අපගේ තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අපි අපගේ උත්සාහයන් තීව්‍ර කරමු. පරිසරය ආරක්ෂා කිරීමට සහ තිරසාර හා විස්තීර්ණ සංවර්ධනයට සහාය වීමට අමතරව, කාර්යක්ෂමතාව, සඵලතාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පාර්ශ්වකරුවන්ගේ විශ්ලේෂණය සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ නිවැරදි අවබෝධය මත පදනම් වූ නව්‍ය සහ ක්‍රියාකාරී සේවාවන් අපි දිගටම සපයන්නෙමු.”

DEWA හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වන අතිගරු සයීඩ් මොහොමඩ් අල් ​තයර් පැවසීය.

DEWA විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමඟ ව්‍යාපෘති 70 කට වැඩි සංඛ්‍යාවක ඩිජිටල් ඒකාබද්ධ කිරීම් සම්පූර්ණ කර ඇත. මෙම පියවර හරහා, DEWA විසින් බිල්පත් ගෙවීම, තොරතුරු යාවත්කාලීන කිරීම්, විදුලිය/ජලය සක්‍රිය කිරීම (Move-in), නිවාස ගාස්තු ගැලපීම, ආපසු ගෙවීම්, වෙළඳ බලපත්‍රය යාවත්කාලීන කිරීම සහ වෙනත් සේවාවන් ඇතුළු පුළුල් පරාසයක සේවාවන් ලබා ගැනීම පහසු කරයි.

Share.

Comments are closed.