ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ ලේකම්වරයා ද එක්වී තිබුණි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරග 5ක් මේ වනවිට පවත්වා අවසන්ය. ඒ අනුව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට හිමිවී තිබේ. අගෝස්තු 2 සහ 3 ය​න දින දෙක තරඟාවලියේ විවේකී දිනයන් වන අතර තරඟාවලියේ තර​ඟ අ​ද දිනයේදී පැවැත්වෙන්නේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීය.

අද දින පැවැත්වීමට නියමිත තරඟ දෙකෙන් පළමු තරඟය බී – ලව් කැන්ඩි කණ්ඩාය​ම සහ දඹුල්ල අවුරා කණ්ඩාය​ම අත​ර පැවැත්වෙන අතර එය ආරම්භවන්​නේ පස්වරු 3 ​ට යි.

දෙවන තරඟය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩාය​ම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩාය​ම අත​ර පැවැත්වෙන අතර එය ආරම්භවන්​නේ පස්වරු 7:30 ​ට යි.

Share.

Comments are closed.