එල්.පී.එල්. තරගාවලියේ තරග 9 ක් නිමාවේදී කණ්ඩායම් පහෙන් කණ්ඩායම් 4 ක් ම ප්‍රසාද ලකුණු 4 ක් බැගින් ලබා සිටිති. මෙම තරඟාවලියේ සැකැස්ම අනුව පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවතට යන්නේ එක කණ්ඩායමක් පමණක් වන බැවින් සෑම කණ්ඩායමකම මූලික අරමුණ වන්නේ, ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ලබාගත නොහැකි නම්, පළමු හතර දෙනා අතර ස්ථානයක් හෝ වෙන්කර ගැනීමයි.

ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ලබාගන්නා කණ්ඩායම සතු වාසිය වන්නේ පිළිමළුන් පිටුදැකීමේ වටයේ එක තර​ඟයක් ජයග්‍රහණය කළහොත් අවසන් මහ තර​ඟයට සුදුසුකම් ලබාගැනීම සඳහා එය ප්‍රමාණවත් වන බැවිනි.

කෙසේ වෙතත් ගෝල් ටයිටන්ස් පිල ප්‍රසාද ලකුණු 4 ක් ලබා සෙසු කණ්ඩායම් සමග කරට කර සිටින්නේ අනෙක් කණ්ඩායම් වලට සාපේක්‍ෂව එක තර​ඟයක් අඩුවෙන් ක්‍රීඩා කරමිනි.

යම් හෙයකින් අ​ද (07 වැනිදා) යාපනය කිංග්ස් පිලට එරෙහි තර​ඟය ජයගැනීමට ගෝල් ටයිටන්ස් පිලට හැකිවුවහොත් පහසුවෙන්ම සෙසු කණ්ඩායම් අභිබවා ඉදිරියට යාමේ අවස්ථාව ගෝල් ටයිටන්ස් පිල සතුව තිබේ.

ප්‍රසාද ලකුණු පුවරුව

2023 අගෝස්තු 05 වැනිදා තරග නිමා වීමෙන් පසු

 කණ්ඩායමතර​ඟජයපරා​ජස​මප්‍රසාද ලකුණුශු. ල. වේගය
1ගෝල් ටයිටන්ස්321040.412
2දඹුල්ල අවුරා422040.353
3ජැෆ්නා කිංග්ස්42204-0.068
4බී-ලව් කැන්ඩි42204-0.562
5කලම්බෝ ස්ට්‍රයිකර් ස්31202-0.067
Share.

Comments are closed.