“අස්ථාවර කාලගුණය” හේතුවෙන් සාජා නගරයේ සියලුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව මහ නගර සභාව පසුගියදා නිවේදනය කළේය. “අස්ථාවර කාලගුණය අවසන් වීමෙන් පසු උද්‍යාන නැවත මහජනතාව සඳහා විවෘත වනු ඇත,” අධිකාරිය සමාජ මාධ්‍ය උපදේශනයක සඳහන් කළේය.

සෙනසුරාදා සාජා වෙත බලපෑ වැලි කුණාටු​ව සහ ලැබී තිබුණ අධික වර්ෂාපතනය හේතුවෙන් උද්‍යාන වසා දැමීමට තීරණය කර ඇත. සෙනසුරාදා, අස්ථායී කාලගුණය සහ වත්මන් වැසි සහිත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා නගර සභාව සිය හදිසි වැසි සැලැස්ම සක්‍රීය කළේය.

සියලු දෙනාගේම ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා නිසි බලධාරීන් විසින් නිකුත් කරනු ලබන නීති රීති සහ උපදෙස් පිළිපදින ලෙසද මහ නගර සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, සාජා පොලිසිය රිය පැදවීමේදී ප්‍රවේශම් වන ලෙස වැසියන්ට අනතුරු ඇඟවීය. ජලා​ශ සහ ගංවතුර පවතින ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙසද වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

එමිරේට්ස් පාර, ඩුබායි හි අල් මාර්මූම් ප්‍රදේශය, ඩේරා, අල් කුද්‍රා සහ අල් බරාරි යන ප්‍රදේශවල තද සුළං සමඟ මධ්‍යස්ථ තද වැසි වාර් තා විය. සාජා සහ අල් අයින් හි අල් හියාර් සහ අල් ෂිවායිබ් කලාපයේ ද වැසි වාර් තා විය.

Share.

Comments are closed.