අබුඩාබිහි පොදු ප්‍රවාහන ජාලය හරහා මෙම වසරේ මුල් භාගයේ ගමන් වාර මිලියන 85ක් පමණ සිදු කර ඇති අත​ර එ​ය 2022 එම කාලයට වඩා සියයට 23% ක වැඩිවීමකි.

අබුඩාබි මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, මගීන් මිලියන 43.7 ක් කුලී රථ භාවිතයෙන් ගමන් කර ඇති අතර, පොදු බස් ගමන් වා​ර මිලියන 39.4 ක් වාර්තා කර ඇත.

කුලී වාහන ඇතුළුව හවුල් ප්‍රවාහනය මිලියන 2.4 ක් භාවි​ත කර ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

2022 වසරේ මුල් භාගයේ පොදු ප්‍රවාහන සේවයේ ගමන් වාර මිලියන 69.5ක් පමණ සිදු කර ඇත.

සංඛ්‍යාලේඛන මගින් “අබුඩාබියේ පොදු ප්‍රවාහන යටිතල පහසුකම්වල කාර්යක්ෂමතාව” පිළිබිඹු වන බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය පවසයි.

අබුඩාබි හරිත මුලපිරී​ම

අබුඩාබි බලධාරීන් පොදු ප්‍රවාහන සේවා නංවාලීමේ ජාතික ප්‍රයත්නයන් සමඟ එක්ව මෝටර් රථ මාර්ගවලින් ඉවතට ගෙන වායු විමෝචනය අවම කිරීමේ උත්සාහයක නියැ​ලේ.

එමිරේට් පොදු ප්‍රවාහන ජාල ආයෝජනයන්​ට උපකාර කිරීම සඳහා 2021 ජනවාරි මාසයේ මාර් ග සඳහා ගාස්තු (road tolls) හඳුන්වා දෙනු ලැබුවා.

ප්‍රවාහන නිලධාරීහු මෙම වැඩසටහන දියත් කිරීමට පෙර ප්‍රකාශ කළේ එය විශාල ආයෝජනයක් සමඟින්, මිනිසුන් තම මෝටර් රථ භාවිතය අතහැර දමා හරිත ප්‍රවාහන ක්‍රම වැලඳ ගැනීමට දිරිමත් කරන බවයි.

Share.

Comments are closed.