ලංකා ප්‍රිමියර්ලීග් තරඟාවලියේ 11 වැනි තර​ඟය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊ​යේ පැවැති තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද දඹුල්ල කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හසන් අලී ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි. සෙසු පිතිකරුවන් දැවී යද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ ෂොයිබ් මලික් පන්දු 53 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 74 ක් රැස්කළේය.

නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ (නොදැවී 9) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 53 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද මලික් සමත් වූ නමුත් ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. හසන් අලී ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගනිද්දී, සිය ඕවර 4 ලකුණු 8 කට සීමා කරමින් කඩුල්ලක් බිඳහෙළීමට බිනුර පුනාන්දු සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා සිංග්ස් කණ්ඩාය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් ලබාගත්තේය. පළමු ඕවරයේදී දඹුල්ල ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබා දැවී ගිය අතර ෂොයිබ් මලික් ලකුණු 13 කට කඩුලු 2 ක්ද, නුවන් තුෂාර ලකුණු 26 කට ලකුණු 2 ක්ද හෙළමින් පන්ඳුවෙන් දස්කම් දැක්වුහ.

දඹුල්ල අවුරා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කුසල් පෙරේරා පන්දු 38 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක් රැස්කළ අතර සදීර සමරවික්‍රම පන්දු 25 කින් ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි හේඩ්න් කේර් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 25 ක් රැස්කළේය.

දඹුල්ල අවුරා පිල – ඕවර 20 කදී කඩුලු 8 කට ලකුණු 134

(සදීර සමරවික්‍රම 30, කුසල් පෙරේරා 41, හේඩ්න් කේර් නොදැවී 25, ෂොයිබ් මලික් 13/2, නුවන් තුෂාර 26/2)

ජැෆ්නා කිංග්ස් පිල – ඕවර 20 කදී කඩුලු 7 කට ලකුණු 125

(ෂොයිබ් මලික් නොදැවී 74, දුනිත් වෙල්ලාලගේ 18 හසන් අලි 20/3

Share.

Comments are closed.