අබුඩාබි සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව – (DCT) පසුගියදා නිවේදනය කළේ අබුඩාබිහි හෝටල් සඳහා රජයේ ගාස්තු අඩු කර ඇති බවත්, ආගන්තුක සත්කාර සහ සංචාරක ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයට සහය වන අතර අබුඩාබි ප්‍රමුඛ ගෝලීය විවේක හා සංචාරක ගමනාන්තයක් ලෙස වැඩිදියුණු කිරීම මින් අරමුණු කරන බවයි.

මෙම වෙනස 2023 සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර අබුඩාබිහි ආගන්තුක සත්කාර පිරිනැමීම් භුක්ති විඳීමට සංචාරකයින් මෙන්ම වැසියන් තවදුරටත් දිරිමත් කිරීම සඳහා අබුඩාබි විධායක කවුන්සිලයේ නියෝග අනුගමනය කරයි. මෙම ගාස්තු සංශෝධනය මගින් අබුඩාබි සංචාරක හා සංස්කෘතික ගමනාන්තයක් ලෙස තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන අතරම එහි දියුණු වන සත්කාරක අංශයට සහය ලබා දෙයි.

රජයේ ගාස්තු සංශෝධනවලට, අමුත්තන්ට නිකුත් කරන ලද සංචාරක ගාස්තුව 6% සිට 4% දක්වා අඩු කිරීම, මහ නගර සභා ගාස්තු ලෙස රාත්‍රියකට කාමරයකට ඩිරාම් 15 ක ගාස්තුව ඉවත් කිරීම, හෝටල් ආපනශාලා සඳහා 6%​ක සංචාරක ගාස්තුව සහ 4%​ක මහ නගර සභා ගාස්තු ඉවත් කිරීම ඇතුළත් වේ. පාරිභෝගිකයාට නිකුත් කරනු ලබ​න ඉන්වොයිසියේ වටිනාකමෙන් 4%ක් වන නගර සභා ගාස්තුව දිගටම පවතිනු ඇත.

නියෝගයේ කොටසක් ලෙස, අබුඩාබි සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව (DCT ) සංචාරක, සංස්කෘති​ක සහ ආගන්තුක සත්කාර පිරිනැමීම්වල ප්‍රමිතීන් අඛණ්ඩව ඉහළ නංවයි. පුළුල් පරාසයක සංචාරකයින්ගේ මනාපයන් සහ රුචිකත්වයන් සපුරාලන විවිධාකාර අත්දැකීම් ලබා දීමෙන්, තිරසාර වර්ධනයක් සහ දිගු කාලීන සාර්ථකත්වයක් සක්‍රීය කිරීම අරමුණු කරයි.

Share.

Comments are closed.