Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ගෝල් ටයිටන්ස් කඩුලු 7 කින් දිනයි
Events

ගෝල් ටයිටන්ස් කඩුලු 7 කින් දිනයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කණ්ඩායමේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නා වන කසුන් රාජිතගේ (20/4) විශිෂ්ට පන්ඳු යැවීම හමු​වේ ඊයේ පැවැති LPL තර​ඟයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුළු හතකින් පරාජය කළ ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු 6 සීමාවට ළඟාවි​ය.

ලකුණු 90 ක පහසු ඉලක්කයක් කරා ගිය ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් නවසීලන්ත ජාතික ටිම් සේෆර් ට් ලකුණු 55 ක් ලබාගත්තේය. සේෆර්ට්ගේ පන්දු 42 ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහරකින් සමන්විත විය. ඩිල්ෂාන් මධුශංක (28/1) සහ මහීෂ් තීක්‍ෂණ (12/1) හමුවේ ප්‍රවේසමෙන් පන්ඳුවට පහර දුන් සේෆර්ට් සහ චැඩ් බෝව්ස්, සෙසු පන්දු යවන්නන්ගෙන් රිසි සේ ලකුණු උදුරා ගත්හ.

කසුන් රාජිතගේ පන්ඳු යැවීම හමුවේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් පිල ලකුණු 89 කට සීමා විය. ඕවර 5 ක් ඇතුළත, ලකුණු 21 කට ඉදිරිපෙළ කඩුලු පහම අහිමි කරගත් අත​ර නියමිත ඕවර 20 නිමාවේදී ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ලකුණු 89 කට දැවී ගියහ.

කාසියේ වාසිය දිනාගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි. එහෙත් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත පළමුවෙන්ම දැවී ගිය කඩුලු 5 න් 4 කට හිමිකම් කීවේය.

මෙම තරඟාවලියේදී ලකුණු 22 යනු, අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායමක පිතිකරුවකුට පසුකිරීමට අපහසු කඩයිමක් වී ඇති සෙයක් පෙණීයයි. පසුගිය තර​ඟ වලදීත් එය විශේෂයෙන් කැපී පෙනුණු අතර ඊ​යේ තර​ඟයේදීත් ජැෆ්නා කිංග්ස් පිලේ කිසිම පිතිකරුවකුට ලකුණු 22 පසුකර යා නොහැකි විය. ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ලකුණ 22 ක් ලබාගත්තේ තවමත් 20 හැවිරිදි දුනිත් වෙල්ලාලගේය.

අංක 4 පිතිකරුවා ලෙසින් පැමිණි වෙල්ලාලගේ, පසුපෙළ සගයින් සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ උත්සාහයක නිරත වුවත්, උස මහතින් අඩු, කුඩා දේහයකින් යුත් වෙල්ලාලගේට විශාල පහර කරා යාමේ ඉඩක් ගෝල් ටයිටන්ස් පන්දු යවන්නෝ නොතැබූහ. ඔහුගේ පන්ඳු 31 ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් පමණි.

තර​ඟය ආරම්භ වීමටත් පෙර සිටම කඩුල්ල ඉදිරියෙන් කුඩා සලකුණු දෙකක් තබාගෙන ඊට පන්දු යවමින් තම රිද්මය ලබාගත් තබ්රේෂ් ශම්සි, ලකුණු 19 කට කඩුළු 2 ක් දවාගත්තේය.

ජැෆ්නා කිංග්ස් – ඕවර 20 කදී සියලූ දෙනා දැවී 89 යි

(දුනිත් වෙල්ලාලගේ 22, තිසර පෙරේරා 13, මහීෂ් තීක්‍ෂණ 13, ඩිල්ෂාන් මධුශංක 12, කසුන් රාජිත 20/4, ළහිරු කුමාර 13/2, තබ්රේශ් ශම්සි 19/2)

ගෝල් ටයිටන්ස් – ඕවර 13.3 කදී කඩුලු 3 ක් දැවී 90 යි.

(භානුක රාජපක්‍ෂ 5, ටිම් සේෆර් ට් 55, චැඩ් බෝව්ස් නොදැවී 13)

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක්
Next Article කලම්බු ස්ට්‍රයිකර්ස් සටන අත් නොහරී
Stanly Kularathna

Related Posts

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.