සැප්තැම්බර් 3 දක්වා ක්‍රියාත්මක වන Sharjah Summer Promotions 20 වැනි අදිය​රේදී සාප්පු සවාරි ලෝලීන්ට ඩිරාම් මිලියන භාගයකට වඩා වටිනා ත්‍යාග සහිත දිනුම් ඇදීම් ලබාදීමට සුදානමින් සිටී.

සාජා වාණිජ හා කර් මාන්ත මණ්ඩලය (SCCI) විසින් සංවිධානය කරනු ලබන මෙම අවස්ථාවට සහභාගී වන්නන්​ට සාප්පු සංකීර්ණ මගින් ආකර්ෂණීය ත්‍යාග පිරිනැමීමට සහ වාර්තාගත සාප්පු සවාරි ලෝලීන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කරයි.

උත්සවය එහි අවසාන අදියර කරා ගමන් කරන විට, සාප්පු සවාරි ලෝලීන්ට සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු අනෙකුත් වටිනා ත්‍යාග දිනාගැන්මට දිනුම් ඇදීමට ඇතුළත් වීමට අවස්ථාවක් ලැබේ.

විශාල වට්ටම් ප්‍රමාණයක්

විශිෂ්ට ත්‍යාග වලට අමතර​ව, සාප්පු සවාරි ලෝලීන්ට පෙර නොවූ විරූ වට්ටම් වලින් ප්‍රයෝජන ගත හැකි අතර, සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාම සඳහා 75% දක්වා වට්ටමක් ලබාගැනීමේ අවස්ථාව උදාවෙයි.

Sharjah Summer Promotions වෙතින් විනෝදාස්වාද පිරිනැමීම් ගනනාවක් සහ කැපී පෙනෙන අලෙවිකරණ ක්‍රියාකාරකම් මාලාවක් අත්විඳීමට අවස්ථාව උදාවේ.

Sharjah Summer Promotions එහි 20 වැනි සංවත්සරය සමරන විට, සාජා වාණිජ මණ්ඩලය ත්‍යාග සහ ප්‍රවර්ධන රැසක් පෙළගස්වා ඇත. ​ඒ අතර වවුචර්, සංචාරක සහ හෝටල් පැකේජ ස​හ 2023 නිසාන් පැට්‍රෝල් වාහනයක් සඳහා විශාල ත්‍යාග දිනුම් ඇදීමක්​ද ඇත.

ආර් ථික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ උත්සවයේ සාමාන්‍ය සම්බන්ධීකාරක ඊබ්‍රාහිම් රෂීඩ් අල් ජර් වාන් පැවසුවේ “මේ වසරේ Sharjah Summer Promotions වෙතින් සැලකිය යුතු වට්ටම්, ප්‍රවර්ධනයන්, ත්‍යා​ග සහ නැවුම් අවස්ථාවන් ගනනාවක් එක් කොට තිබෙනවා. එවැනි එකතු කිරීම් උත්සවයේ කීර්තිය වැඩි දියුණු කරනවා පමණක් නොව එහි විවිධ අදියරයන්හිදී ගනුදෙනුකරුවන්​ට අමතක නොවන අත්දැකීම්ද සහතික කරයි.”

Share.

Comments are closed.