එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ ආභාධිත පුද්ගලයින් සඳහා මෙම අගෝස්තු 20 වනදා සිට වාහන නැවැත්වීමේ බලපත්‍ර සේවාව ඩිජිටල්කරණය කරමින් ස්මාර්ට් සේවාවක් ලබාදීමට ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) කටයුතු කරමින් සිටී.
මේ සඳහා බලපත්‍රය මුද්‍රණය කිරීම හෝ ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරනු ඇත.
සෑම බලපත්රයකටම වාහන 5ක් දක්වා එක් කිරීමට පරිශීලකයාට අවස්ථාව හිමිවන නව විශේෂාංගයක් සමඟ ස්මාර්ට් බලපත්‍රය පැමිණේ. බලපත්‍රය යටතේ එක් ප්‍රාථමික වාහනයක් සහ ද්විතීයික වාහන 4ක්, වෙබ් අඩවිය සහ RTA Dubai App හරහා වරකට එක් වාහනයක් බැගින් සක්‍රිය කළ හැකිය.
මෙම මුලපිරීම හරහා, RTA සිය සේවාවන් ‘Smart City’ වැඩසටහනට අනුකූලව ස්මාර්ට් සහ ක්‍රියාශීලී ඒවා බවට පරිවර්තනය කිරීමට සහ සේවා සැපයීමේ තිරසාර බවක් ලබා දීමට උනන්දු වෙයි.
විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ ප්‍රජාවේ අනිවාර්ය අංගයක් වන ආභාධිත ගනුදෙනුකරුවන්ගේ සතුට වැඩි දියුණු කිරීමද මෙහි අරමුණයි.