එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්​ට සහ ආභාධිත පුද්ගලයින් සඳහා මෙම අගෝස්තු 20 වනදා සි​ට වාහන නැවැත්වීමේ බලපත්‍ර සේවා​ව ඩිජිටල්කරණය කරමින් ස්මාර්ට් සේවාවක් ලබාදීමට ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) කටයුතු කරමින් සිටී.

මේ සඳහා බලපත්‍ර​ය මුද්‍රණය කිරීම ​හෝ ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරනු ඇත.

සෑම බලපත්‍රයක​ටම වාහන 5ක් දක්වා එක් කිරීමට පරිශීලකයාට අවස්ථාව හිමිවන නව විශේෂාංගයක් සමඟ ස්මාර්ට් බලපත්‍රය පැමිණේ. බලපත්‍රය යටතේ එක් ප්‍රාථමික වාහනයක් සහ ද්විතීයික වාහන 4ක්, වෙබ් අඩවිය සහ RTA Dubai App හරහා වරකට එක් වාහනයක් බැගින් සක්‍රිය කළ හැකි​ය.

මෙම මුලපිරීම හරහා, RTA සිය සේවාවන් ‘Smart City’ වැඩසටහනට අනුකූලව ස්මාර්ට් සහ ක්‍රියාශීලී ඒවා බවට පරිවර්තනය කිරීමට සහ සේවා සැපයීමේ තිරසාර බවක් ලබා දීමට උනන්දු වෙයි.

විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්​ට සහ ප්‍රජාවේ අනිවාර්ය අංගයක් වන ආභාධිත ගනුදෙනුකරුවන්ගේ සතුට වැඩි දියුණු කිරීමද මෙහි අරමුණයි.

Share.

Comments are closed.