වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට ජනාධිපති සමාව ලබාදීමේදී එක් රැඳවියකු සඳහා අනීතිකව ජනාධිපති සමාව ලබාදීම සහ බන්ධනාගාරයන් තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් විරෝධතාවය පළ කිරීම සඳහා සිරකරුවන් සුරැකීමේ සංවිධානය විසින් සිදු කරන ලද නිහඬ විරෝධතාවයක් (09) දින පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණ.
මෙම නිහඬ විරෝධතාවය අතරතුරදී එම ස්ථානයට පැමිණි ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අදාල උද්ඝෝෂණය සංවිධානය කල නිලධාරීන් දස දෙනෙකුට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගායේදී ඔවුන්ගේ ගැටළුව පිළිබඳව සාකච්ඡාවකට අවස්ථාව ලබා ලබාදීම සිදුවිය.
මෙහිදී උද්ඝෝෂකයන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අනීතික කටයුතු පිළිබඳව මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරී සිදුකරන ඉහළ නිලධාරීන්ගේ පූර්ණ අනුදැනුම ඇතිව දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින මුදල් යහමින් ඇති දූෂිත පුද්ගලයන් සඳහා ජනාධිපති සමාව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ඒ තුළින් සැබැවින්ම ජනාධිපති සමාව ලැබිය යුතු පුද්ගලයින් සඳහා දැඩි අසාධාරණයක් සිදුවන බවත් දූෂණයෙන් පිරුණූ මුදලට ගිජු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාර දෙපාර්තමේන්තුව තමන්ගේ දේපලක් මෙන් අයුතු ලෙස රාජකාරී කටයුතු කරන බවයි.
අමාත්‍යතුමා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ පසුගිය දින කිහිපයකට පෙර වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදීමේදී අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු සඳහා ජනාධිපති සමාව ලබාදීමේ සිද්ධියේදී බරපතල අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවයි.
රජයක් ලෙස මෙවැනි ක්‍රියාකාරකම් කිසිසේත් අනුමත නොකරන බව සඳහන් කල අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කලේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිර්දේශ කල නම් ලැයිස්තුවේ සඳහන් නොමැති පුද්ගලයකු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිදහස් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විටත් ඉතා කඩිනමින් සිදු කරමින් පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව බන්ධනාගාර කොමසාරිස්වරයාව පරීක්ෂණ අවසන් වන තෙක් වැඩ තහනමකට ලක් කිරීමට කටයුතු කල බවය.
මෙම අවස්ථාවට සිරකරුවන් ආරක්ෂා කිරීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඇතුළු සිරකරුවන් ආරක්ෂා කිරීමේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්වූහ.