Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය භාණ්ඩ බෙදාහැරීමේ සේවකයින් සඳහා වායු සමීකරණය කරන ලද විවේකාගාර 10,000 කට අධික සංඛ්‍යාවක් පිහිටුවයි

June 11, 2025

ලංකාවේ පළමු තිරසර ගමනාන්තය බවට සීගිරිය නම් කෙරේ

June 11, 2025

විදුලි බිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය

June 11, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඉන්දියාව, පළමු වර​ට UAEහි තෙල් සඳහා ඉන්දියන් රුපියල් වලින් ගෙවීම් සිදුකරයි
Uncategorized

ඉන්දියාව, පළමු වර​ට UAEහි තෙල් සඳහා ඉන්දියන් රුපියල් වලින් ගෙවීම් සිදුකරයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 16, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ ද්විපාර්ශ්වික වෙළඳාමේදී ඔවුන්ගේ දේශීය මුදල්වලින් ගනුදෙනු කිරීම ආරම්භ කො​ට තිබෙනවා. ඉන්දියාවේ ප්‍රමුඛතම පිරිපහදු සමාගම වන ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (IOC.NS) විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාතික තෙල් සමාගමෙන් (ADNOC) තෙල් බැරල් මිලියනයක් ලබා ගැනීම සඳහා ඉන්දියන් රුපියල් වලින් ගෙවීමක් කර ඇති බව වාර්තා කොට තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දීය තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක් හරහා මෙම නිවේදනය නිකුත් කර ඇත.

දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව අතර වෙළඳාම ඩොලර් බිලියන 50.5 පමණ වන අතර, 2030 වන විට එය ඩොලර් බිලියන 100 දක්වා ඉහල නැංවීමට ඉලක්ක කර ඇත.

මෙය පසුගියදා ඉන්දියානු රජය විසින් තහවුරු කරන ලද අතර, ජාතීන් දෙක අතර වෙළඳ සම්භන්ධතා රටා​වේ වැදගත් වෙනසක් පෙන්නුම් කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රන් අපනයනකරුවෙකු සහ ඉන්දියානු ගැණුම්කරුවෙකු අතර රත්‍රන් කිලෝග්‍රෑම් 25ක් විකිණීම සම්බන්ධ මෑත ගණුදෙනුවකින් මෙම පියවර ආරම්භකො​ට ඇත. රුපියල් මිලියන 128.4 ක් (ඩොලර් මිලියන 1.54) පමණ වූ රත්‍රන් හුවමාරු කර ගනු ලැබුවේ නව දේශීය මුදල් භාවි​ත කරන ලද ගනුදෙනුවකිනි.

ජූලි මාසයේදී ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුමකින් පසුව මුදල් වෙනස් කිරීම සිදු විය. අතරමැදි ඩොලර් පරිවර්තනවල අවශ්‍යතාවය මඟහරවා ගනිමින් රුපියල් වලින් වෙළඳ බේරුම් කිරීම් සිදු කිරීමට මෙම ගිවිසුම මගින් ජාතීන් දෙකට හැකියාව ලැබේ.

උපායමාර්ගික වෙනස් කිරීම් වෙළඳ ක්‍රියාවලීන් සර​ළ කරනවා පමණක් නොව ගණුදෙණු වියදම් මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ නිරන්තර උත්සාහයන්ට ද සහාය වේ. වර්ධනය වන සහයෝගීතාවය ඉස්මතු කරමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක දී තත්‍ය කාලීන ගෙවීම් ක්‍රමවේද​යක් ස්ථාපිත කිරීමට එකඟ විය.

මෙම නවෝත්පාදනය ජාතීන් දෙක අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දේශසීමා හරහා මූල්‍ය හුවමාරු කඩිනම් කිරීමට සකසා ඇත. 2022/23 මුදල් වර්ෂය තුළ ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළඳාමේ පරිමාව ඩොලර් බිලියන 84.5 ක් විය. වත්මන් මුදල් සැකැස්ම ආර්ථික වර්ධනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරමින් මෙම වෙළඳ සබඳතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

මීට අමතරව, ඉන්දියාව වෙනත් රටවල් සමඟ සමාන දේශීය මුදල් විධිවිධාන අනුකරණය කිරීමට බලාපොරොත්තු වේ.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදඹුල්ල පළමු තැන රැකගෙන අවසන් වටයට
Next Article නව නීතිරීති යටතේ මාස හයක් තුළ ඊ-ස්කූටර් සහ බයිසිකල් 9,000 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට
Stanly Kularathna

Related Posts

එමීර් රාජ්‍යය භාණ්ඩ බෙදාහැරීමේ සේවකයින් සඳහා වායු සමීකරණය කරන ලද විවේකාගාර 10,000 කට අධික සංඛ්‍යාවක් පිහිටුවයි

June 11, 2025

ලංකාවේ පළමු තිරසර ගමනාන්තය බවට සීගිරිය නම් කෙරේ

June 11, 2025

විදුලි බිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය

June 11, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.